ප්‍රාදේශීය කාර්යාලය - ත්‍රිකුණාමලය

Regional Office Trincomalee, Central Bank of Sri Lanka (CBSL) has coordinated a webinar on “Recent Changes on Foreign Exchange Regulations” with Department of Foreign Exchange, CBSL on 26th November 2021 for Bankers and Government Officers in Eastern Province. The objective of this webinar was to provide an understanding on the recent changes on foreign exchange regulations in the country. The webinar was successfully held through Zoom platform with 145 participants and the resource persons of the programme were Mr. Chatura Ariyadasa, Additional Director, Department of Foreign Exchange, CBSL, Mr. D L Lakmal, Assistant Director, Department of Foreign Exchange, CBSL and Mr. R M S P Ratnayaka, Assistant Director, Department of Foreign Exchange, CBSL.

An Educational Seminar on “Role of CBSL on the financial system of the Sri Lanka and Monetary Policy Framework” organized by the Regional Office Trincomalee, Central Bank of Sri Lanka for the Economic & Business Studies teachers and students of Zonal Education Department, Trincomalee was successfully held on 25 February 2021 at the - the auditorium of the Regional Office Trincomalee, Central Bank of Sri Lanka. 13 teachers and 42 students participated in this programme. The resource person of the programme was Mr. K. Prabakaran, Regional manager, Regional Office - Trincomalee, Central Bank of Sri Lanka.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් සංවිධානය කරන ලද “හරිත ගම්මානයෙහි ගම්වාසීන් ඉලක්ක කර ගනිමින් ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාව“ පිළිබඳව සිදු කළ දැනුවත් කිරීමේ වැඩසටහන 2021 අගෝස්තු 05 වන දින පල්ලිකුඩිඉරිප්පු හි දී කාලෛමහල් හින්දු විද්‍යාලයේ දී සහභාගීකරුවන් 68ක ගේ සහභාගීත්වයෙන් සාර්ථකව පැවැත්විණි. පල්ලිකුඩිඉරිප්පු ප්‍රදේශය අසල පිහිටි බලපත්‍රලාභී බැංකු ත්‍රිත්ත්වය (ලංකා බැංකුව, මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව) බැංකු කටයුතු සිදු කිරීම සඳහා ජංගම බැංකු යෙදවුම් භාවිත කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීමට සහාය ලබා දී ඇත.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ්, වාකරේ ප්‍රදේශයේ, සංවර්ධන නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2021 ජනවාරි මස 25 වන දින වාකරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා නිළධාරීන් 40 ක් පමණ  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ. ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ, ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද “ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යංශය හා එහි සේවාවන් “පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 29 වන දින මඩකලපුව, සන් ෂයින් හොටෙල්හීදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 126 දෙනෙකු පමණ සහභාගී වූහ. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යංශයේ මෙහෙයුම් කළමණාකරු ඉන්දික දිසානායක මහතා සහ විධායක මෙහෙයුම් බාතිය විජේනායක මහතා විසිනි.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වෙනි සංවත්සරය නිමිත්තෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් රජයේ දෙපාර්තමේන්තු, මූල්‍ය ආයතන හා තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද “වෙ‍ළෙඳ ප්‍රදර්ශනය” 2020 මාර්තු  මස 13 සහ 14 යන දිනයන්හී දී ත්‍රිකුණාමලය නගර සභා රථගාලේ දී සාර්ථකව පැවති අතර මෙහි මූලික අරමුණ වූයේ ව්‍යවසායකයින් සඳහා නව වෙළඳපොල අවස්ථාවන් නිර්මාණය කිරීම  සහ දේශීය නිෂ්පාදන සඳහා ශක්තිමත් වෙළඳ නාමයක් ස්ථාපිත කිරීම මෙන්ම ශක්තිමත් පාරිභෝගික ජාලයක් ගොඩනැගීමට සුදුසු පසුබිමක් නිර්මාණය කරදීමයි.මෙම වැඩසටහන සඳහා 150 පමණ දෙනෙක් සහභාගි විය. තවද ශ්‍රි ලංකා මහ බැංකුවේ සහකාර අධිපති - ජේ.පී.ආර්.කරුණාරත්න මහතා, අතිරේක අධ්‍යක්ෂක - ජේ.එම්.අමීර් මහතා, ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කළමණාකරු - කේ.ප්‍රභාකරන් මහතා, ප්‍රාදේශීය බැංකු කළමණාකරුවන් සහ රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නිළධාරින් රැසක් මෙම වැඩසටහන සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යංශය හා එහි සේවාවන්" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 28 වන දින ත්‍රිකුණාමලය, ජේකබ් පාර්ක් හොටෙල්හීදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 63 දෙනෙකු පමණ සහභාගී වූහ. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා ණය තොරතුරු කාර්යංශයේ මෙහෙයුම් කළමණාකරු ඉන්දික දිසානායක මහතා සහ විධායක මෙහෙයුම් භාතිය විජේනායක මහතා විසිනි.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "කේක් සැකසීමේ පුහුණු පාඨමාලාව" 2020 පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින් 30 ක් පමණ සහභාගි විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ කඳුරට කාන්තා සංවර්ධන සංගමයේ පුහුණු උපදේශිකා තමරා කරුණාසීලී මහත්මිය විසිනි.  තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ ප්‍රාදේශීය කළමණාකරු කේ. ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය ශන්මුගා හින්දු කාන්තා විද්‍යාලයීය පාසල් සිසුන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාජ මුදල් නෝට්ටු සහ පිරිසිදු මුදල් භාවිතා කිරීමේ ප්‍රතිපත්ති" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2020 පෙබරවාරි මස 05 වන දින  ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසුවියන් 52ක් පමණ සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර, කල්මුණේ ප්‍රදේශයේ, සංවර්ධන නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 31 වන දින කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා නිළධාරීන් 93 ක් පමණ  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව, කිරාන් ප්‍රදේශයේ සංවර්ධන නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 29 වන දින කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා නිළධාරීන් 65 ක් පමණ  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද  "මූල්‍ය සාක්ෂරතාවය, අලෙවිකරණය හා පාරිභෝගික සේවා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 24 වන දින මඩකලපුව YMCA ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා ව්‍යවසායකයින් 30  ක් පමණ  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද " ලේබල්කරණය හා ඇසුරුම්කරණය ආශ්‍රිත නව තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 23 වන දින මඩකලපුව YMCA ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා ව්‍යවසායකයින් 90 ක් පමණ  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ගාල්ල, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍යය අධ්‍යක්ෂක එම්.ජී.බන්දුල මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ, සංවර්ධන නිළධාරීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2020 ජනවාරි මස 22 වන දින කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා නිළධාරීන් 50 ක් පමණ  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ. ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ථවාදයට එරෙහිව මුදල් සැපයීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 ඔක්තොම්බර් මස 23 වන දින මඩකලපුව, ග්‍රීන් ගාර්ඩන් හොටෙල්හීදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා පොලිස් නිලධාරීන් 85 දෙනෙකු සහභාගී වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක එම්.එම්.තසීම් මහතා, ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක එන්.පී.අයි.එන්.ගුණවර්ධන මහතා සහ සහකාර අධ්‍යක්ෂක කේ.ඩී.එස්.එන්.අතුකෝරල මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලදී. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර ප්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද " අත් බෑග් මැසීමේ පුහුණු පාඨමාලාව" 2019 ඔක්තොම්බර් මස 12 සහ 13 යන දෙදින අම්පාර, ප්‍රජා ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින් 62 ක් පමණ සහභාගි විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ පුහුණු උපදේශිකා කළ්‍යාණි ගුණරත්න මහත්මිය විසිනි.  තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ , ප්‍රාදේශීය කළමණාකරු, කේ.ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමඟ ඒකාබද්ධව ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්ථවාදයට එරෙහිව මුදල් සැපයීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 ඔක්තොම්බර් මස 22 වන දින මඩකලපුව, සනී ෆිෂ් හොටෙල්හීදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 117 දෙනෙකු සහභාගී වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක එම්.එම්.තසීම් මහතා, ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක එන්.පී.අයි.එන්.ගුණවර්ධන මහතා සහ සහකාර අධ්‍යක්ෂක කේ.ඩී.එස්.එන්.අතුකෝරල මහතා විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලදී. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව, කම්කරු දෙපාර්තමේන්තුව හා එක්ව අර්ථසාධක අරමුදල් ලාභීන් සඳහා සංවිධානය කරන ලද " සේවක අර්ථසාධක අරමුදල - ජංගම සේවය " විශේෂ වැඩසහන 2019 සැප්තැම්බර් මස 06 වන දින මඩකලපුව, කම්කරු කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා අර්ථසාධක අරමුදල් ලාභීන් 150 දෙනෙකු සහභාගී වූහ මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ සේවක අර්ථ සාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ  අධිකාරි - ඒ.ජී.යූ. තිලකරත්න මහතා, අතිරේක අධිකාරි - ජේ.එම්. අමීර් මහතා සහ මඩකලපුව, කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් - ඒ.තාහීර් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්පාර දිස්ත්‍රික්කයෙ මහජනතාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද " දැනුම බෙදා ගැනීම සහ ණයගැතිභාවයෙන් ඈත්ව සිටීම " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 03 වන දින අම්පාර, ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 100 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා  ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුරය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු එන්.ඒ.ඒ.විජේසිරි  මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී. තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද මේ සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය, නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකයින් හඳුනාගැනීම හා මුල්‍ය කළමණාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 සැප්තැම්බර් මස 02 වන දින ත්‍රිකුණාමලය, දිස්ත්‍රික් ලේකම් කාර්යයාලීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 100 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා  ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුරය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු එන්.ඒ.ඒ.විජේසිරි  මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී. තවද ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද මේ සඳහා සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය, නගර හා කඩවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සංවර්ධන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යවසායකයින් හඳුනාගැනීම හා මුල්‍ය කළමණාකරණය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස 27 වන දින ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 42 දෙනෙකු සහභාගී වූහ. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " විදේශ විනිමය පනත " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස 22 වන දින ත්‍රිකුණාමලය, හොටෙල් ග්‍රීන් ගාර්ඩන් ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 45 දෙනෙකු සහභාගී වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. ආර්. ජයරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩබ්ලිව්. එස්. ප්‍රසන්න මහතා සහ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක ටී.පී.කපුරුගේ මෙනෙවිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලදී. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ , ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලියාපදිංචි බැංකු සහ ලියාපදිංචි මූල්‍ය ආයතනයන් හී නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද " විදේශ විනිමය පනත " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස 21 වන දින මඩකලපුව ග්‍රීන් ගාර්ඩන් හොටෙල් ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 70 දෙනෙකු සහභාගී වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්. ආර්. ජයරත්න මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂක ඩබ්ලිව්. එස්. ප්‍රසන්න මහතා සහ ජේෂ්ඨ සහකාර අධ්‍යක්ෂක ටී.පී.කපුරුගේ මෙනෙවිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලදී. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ , ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ඊච්චන්තිවු සහ ආලන්කේර්නි යන ග්‍රාම නිළධාරි වසම් හී ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සංවිධානය කරන ලද " විධිමත් මූල්‍ය  ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය  යෝජනා ක්‍රම " පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අගෝස්තු මස 08 වන දින ඊච්චන්තිවු සහ ආලන්කේර්නි  මහජන  ශාලාවන් හී දී සාර්ථකව පැවැත්විණි. මේ සඳහා 96 ක් පමණ ප්‍රජාව  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, කළමණාකරණ පුහුණු, ඒ.එම්. නිරෝෂන් මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද 'අලෙවිකරණය, ගිණුම්කරණය සහ පොත් තැබීමේ' පුහුණු වැඩසටහන 2019 අගෝස්තු මස 02 වන දින මඩකලපුව, YMCA ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන් සඳහා ගොවීන් 45 ක් පමණ සහභාගී විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ජාතික විගණන කාර්යාලයේ විගණන පරීක්ෂක, පද්මනාදන් සේගුරාජ් මහතා විසිනි. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ , ප්‍රාදේශීය කළමණාකරු   කේ. ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද " කිරි ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ පුහුණු වැඩසටහන" 2019 ජූලි මස 31 යන දින මඩකලපුව, YMCA ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කිරි ගොවීන් 47 ක් පමණ සහභාගි විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍යය අධ්‍යක්ෂක රෝහිත සුමනවීර මහතා විසිනි. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශීය කළමණාකරු, කේ.ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් සඳහා සංවිධානය කරන ලද "මූල්‍ය සාක්ෂරකාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 ජූලි මස 30 වන දින මඩකලපුව, කළුවන්චිකුඩි, මහජන ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ගොවීන් 24 ක් පමණ  සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රි ලංකා මහ බැංකු විදුපියස සමඟ ඒකාබද්ධව අම්පාර, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයීය සිසුන් සඳහා සංවිධානය කරන ලද “2018 වාර්ෂික වාර්තාවෙන් පිළිඹිබු වන ශ්‍රි ලංකා ආර්ථිකය" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජුලි මස 25 වන දින නැගෙනහිර විශ්වවිද්‍යාලයීය  ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසුන් 342 ක් පමණ සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ අර්ථශාස්ත්‍රඥ එම්. කේසවරාජ් මහතා විසිනි. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්  ඉලක්කකරගෙන සංවිධානය කරන ලද “ව්‍යාපාර සායනය” සහ ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 27 වන දින ත්‍රිකුණාමලය කුලකෝට්ටම් ශාලාවේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 90 ක් පමණ සහභාගී වූහ. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ සහකාර අධ්‍යක්ෂක සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය, දිස්ත්‍රික් කළමණාකරු ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, වාණිජ බැංකු නිළධාරීන් සහ ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, කළමණාකරණ පුහුණු ඒ. එම් නිරෝෂන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයීය පාසල් සිසුන් සඳහා සංවිධානය කරන ලද "ව්‍යාජ මුදල් නෝට්ටු සහ පිරිසිදු මුදල් භාවිතා කිරීමේ ප්‍රතිපත්ති" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජූනි මස 12 වන දින ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසු සිසුවියක් 120 ක් පමණ සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් කළවන්චිකුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වෙල්ලාවෙලි  ග්‍රාම නිළධාරි වස‍මේ හී ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 අප්‍රේල් මස 04 වන දින කළවන්චිකුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 47 ක පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර, පදියතලාව  ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "මැහුම් පුහුණු පාඨමාලාව" 2019 මාර්තු මස 22 යන දින පදියතලාව දයා ඇපරල් ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  54 ක් පමණ සහභාගි විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ පුහුණු උපදේශිකා කළ්‍යාණි ගුණරත්න මහත්මිය විසිනි. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ , කළමණාකරණ පුහුණු ඒ. එම් නිරෝෂන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ඔක්ස් ෆාම් සංවිධානය හා එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "ණය කඳවුර හා මූල්‍ය සාක්ෂරකාවය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන" 2019 මාර්තු මස 15 වන දින මඩකලපුව,  ආර්යම්පති සංස්කෘතික  ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 29 ක් පමණ  සහභාගී වූහ.මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "තල් ආශ්‍රිත අත්කම් සැකසීමේ පුහුණු පාඨමාලාව" 2019 මාර්තු මස 06 යන දින කන්තලේ ග්‍රින් වුමන් සංවිධාන පරිශ්‍රෙය්දී පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  37 ක් පමණ සහභාගි විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ තල් සංවර්ධන මණ්ඩලයේ පුහුණු උපදේශිකා පී.සෙන්තාමලී සෙල්වි මහත්මිය විසිනි. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික සම්මන්ත්‍රනය" 2019 මාර්තු මස 01 වන දින මඩකලපුව, නැගෙනහිර විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා සිසු සිසුවියන් 92ක් සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කිළිනොච්චිය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රා‍දේශීය කළමනාකරු බී.සිවදීපන් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රා‍දේශීය කළමනාකරු කේ.ප්‍රභාකරන් මහතා විසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් මඩකලපුව කලාපයේ ආර්ථික විද්‍යා සහ ව්‍යාපාර අධ්‍යයනය ගුරුමහත්ම මහත්මීන් සඳහා සංවිධානය කරන ලද "අධ්‍යාපනික වැඩසටහන"2019 පෙබරවාරි මස 28 වන දින මඩකලපුව කලාප අධ්‍යාපන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ගුරුමහත්ම මහත්මීන් 92 ක් සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කිළිනොච්චිය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රා‍දේශීය කළමනාකරු බී.සිවදීපන් මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රා‍දේශීය කළමනාකරු කේ.ප්‍රභාකරන් මහතා විසිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද 'අලෙවිකරණය, ගිණුම්කරණය සහ පොත් තැබීම' වැඩසටහන 2018 පෙබරවාරි මස 25 සහ 26 දිනයන්හි අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන් සඳහා ව්‍යවසායකයින් 76 ක් පමණ සහභාගී විය. සම්පත් දායකයා වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන නිලධාරි එස් ඩබ්ලිව් එස් ජී දිසානායක මහතා විසිනි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු කේ ප්‍රභාකරන් මහතා  ද සහභාගී විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ තෝරා ගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද පාසල් නිල ඇඳුම් මැසීමේ පුහුණු පාඨමාලාව 2019 ජනවාරි 29 වැනි දින කන්තලේ ග්‍රීන් වුමන් සංවිධාන පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  32 දෙනෙකු පමණ සහභාගී වූ අතර සම්පත් දායකත්වය සපයන ලද්දේ පුහුණු උපදේශිකා මූර්ති යශෝතිනි මහත්මිය විසිනි. තව ද මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ, ප්‍රාදේශීය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගී විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් නාසිවන්තීව් හා මීරවෝදයි ග්‍රාම නිළධාරි වසම් හී ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පිළිබඳ" දැනුවත් කිරීමේ වැඩසටහන 2019 පෙබරවාරි මස 07 වන දින  මඩකලපුව ,වාලච්චේන ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 142 ක පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් "පීස් වින්ඩ් ජපන් සංවිධානය" හා එක්ව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තරුණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "ණය කඳවුර සහ මූල්‍ය සාක්ෂරතාවය" පිලිබඳ වැඩසටහන 2019 පෙබරවාරි මස 06 වන දින ත්‍රිකුණාමලය සර්වෝදය ර්‍පජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 59 ක් පමණ  සහභාගී වූහ. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් කළුවන්චිකුඩි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් නැගෙනහිර එරුවිල් හා බටහිර ඕන්තාචිමඩම් ග්‍රාම නිළධාරි වසම් හී ප්‍රජාව සඳහා සංවිධානය කරන ලද "විධිමත් මූල්‍ය ආයතන, මූල්‍ය සේවා සහ තහනම් මූල්‍ය යෝජනා ක්‍රම" පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2019 ජනවාරි මස 31 වන දින කළුවන්චිකුඩි ප්‍රජා ශාලාවේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා 112 ක පිරිසක් සහභාගී වූහ. මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ. ප්‍රභාකරන් මහතා විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "කිමෝනා මැසීමේ පුහුණු පාඨමාලාව" 2019 ජනවාරි මස 28 යන දින කන්තලේ ග්‍රීන් වුමන් සංවිධාන පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  32 ක් පමණ සහභාගි විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ පුහුණු උපදේශිකා මූර්ති යශෝතිනි මහත්මිය විසිනි. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ, ප්‍රාදේශිය කළමණාකරු කේ. ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර ප්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද "ආහාර සැකසීමේ පුහුණු පාඨමාලාව" 2019 ජනවාරි මස 24 සහ 25 යන දිනයන්හී අම්පාර මණ්ඩල මහා විහාර පරිශ්‍රෙය්දී පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  65 ක් පමණ සහභාගි විය. මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ පුහුණු උපදේශිකා කළ්‍යාණි ගුණරත්න මහත්මිය විසිනි. තවද මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලයේ , ප්‍රාදේශිය කළමණාකරු කේ ප්‍රභාකරන් මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය හා ඒකාබද්ධව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද  "වෙළඳ ප්‍රදර්ශනය" 2019 ජනවාරි මස 19 වන දින දී තඹලගමුව මහජන ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවති අතර මෙහි මූලික අරමුණ වූයේ ව්‍යවසායකයින් සඳහා වෙළඳපොළ අවස්ථාවන් ගොඩනැගීමට හා ශක්තිමත් වෙළඳ නාමයක් සහිත දේශීය නිෂ්පාදන මෙන්ම ‍වෙළඳපොළ තත්වයක් ද ලබා දීමයී. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 58 පමණ සහාගී විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව ලියාපදිංචි බැංකු ලියාපදිංචි මූල්‍ය ආයතන සහ රක්ෂණ සමාගම්වල නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද "මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම" පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රාදේශීය වැඩමුළුව 2018 නොවැම්බර් මස 16 වන දින ත්‍රිකුණාමලය හොටෙල් ග්‍රීන් ගාර්ඩන් ශ්‍රවණාගාරයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා නිලධාරීන් 141 දෙනෙකු සහභාගී වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලදී.

ශි‍්‍ර ලංකා මහ බැංකුවේ ති‍්‍රකුණාමලය ප‍්‍රාදේශීය කාර්යාලය විසින් කෘෂිකර්ම, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන සංවර්ධන, ධීවර, සමුපාකාර සංවර්ධන, ආහාර සැපයීම් හා බෙදාහැරිම් අමාත්‍යංශය, නැගෙනහිර පළාත හා ඒකාබද්ධව මඩකලපුව දිස්ති‍්‍රක්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සංවිධානය කරන ලද ”කෘෂිකාර්මික වෙළෙඳ ප‍්‍රදර්ශනය” 2018 සැප්තැම්බර් මස 19 , 20 හා 21 දිනයන්හී කරදියනාරු,  කෘෂිකාර්මික සේවා පුහුණු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පැවැති අතර මූලික අරමුණ වූයේ ව්‍යවසායකයින් සඳහා කෘෂිකාර්මික ව්‍යාපාරයන් ආශි‍්‍රත වෙළෙඳපොළ අවස්ථාවන් ගොඩනැගීමට හා ශක්තිමත් වෙළෙඳ නාමයක් සහිත දේශීය නිෂ්පාදන මෙන්ම වෙළෙඳපොල තත්වයක් ද ලබාදීමයි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 20 ක් පමණ සහභාගි විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප‍්‍රාදේශීය කාර්යාලය විසින් අම්පාර ප‍්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද ”තිරරෙදි පාඨමාලාව ” 2018 අගොස්තු මස 14 හා 15 යන දිනයන්හී දෙහිඅත්තකණ්ඩිය අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින් 110 ක් සහභාගි විය. මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ‍්‍රී ලංකා මහවැලි අධිකාරියේ පුහුණු උපදේශිකා කළ්‍යාණි ගුණරත්න මහත්මිය විසිනි. තවද මෙම වැඩසටහන සඳහා ශි‍්‍ර ලංකා මහ බැංකුවේ ති‍්‍රකුණාමලය ප‍්‍රාදේශීය කාර්යාලයේ, ප‍්‍රාදේශීය කළමණාකරු උපාලි හෙට්ටිආරච්චි මහතා  ද සහභාගි විය.

 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද 'අලෙවිකරණය, ගිණුම්කරණය සහ පොත් තැබීම' වැඩසටහන 2018 අගෝස්තු මස 29 සහ 30 දිනයන්හි අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේ සහ පානම මධ්‍ය මහා විද්‍යාලයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින් 120ක් පමණ සහභාගී විය. සම්පත් දායකයා වූයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ව්‍යවසායකත්ව ප්‍රවර්ධන නිලධාරි එස් ඩබ්ලිව් එස් ජී දිසානායක විසිනි. මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු උපාලි හෙට්ටිආරච්චි ද සහභාගී විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ තෝරා ගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද තිර රෙදි පාඨමාලාව 2018 අගෝස්තු මස 17 සහ 18 යන දිනයන්හි දෙහිඅත්තකණ්ඩිය ශාලිකා ශ්‍රවණාගාරයේ දී සාර්ථක ව පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින් සිය දෙනෙකු සහභාගී විය. සම්පත් දායකත්වය සපයන ලද්දේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ පුහුණු උපදේශිකා කළ්‍යාණි ගුණරත්න මහත්මිය විසිනි. තව ද, මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමල ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය කළමනාකරු උපාලි හෙට්ටආරච්චි මහතා ද සහභාගී විය.