නීති හා රෙගුලාසි

1.    2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; (422 වන අධිකාරය වූ) මුදල් නීති පනත ඉවත් කිරීම පිණිස ද; සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනතකි.

2.    2005 අංක 28 දරන ගෙවීම් හා පියවීම් පද්ධති පනත

ගෙවීම්, නිශ්කාෂණය සහ පියවීම් වලට අදාල රෙගුලාසි ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් පැවැරීම් මුදල් සේවාවන් සපයන්නන්ට අදාල නීති, විද්‍යුත් චෙක්පත්වලට අදාල නීති සහ මේ හා සම්බන්ධ අනිකුත් කරුණු හා බැඳුනු නීති මෙම පනත මගින් සපයනු ලැබේ.