මහජන මුදල් හුවමාරු කවුළුව

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් 212/63, ගෑස්පහ හංදිය, කොළඹ 11 පිහිටි ලංකා බැංකු පිටකොටුව ශාඛාවෙහි මහජනතාව සඳහා මුදල් හුවමාරු කිරීමේ කවුළුවක් පවත්වාගෙන යනු ලැබේ. මෙම ලංකා බැංකු ශාඛාවෙන් සාමාන්‍ය මහජනතාවට නෝට්ටු/කාසි මාරුකර ගැනීම කළ හැකිය. මෙම මුදල් හුවමාරු කවුළුවෙන් නෝට්ටු සතියේ දින පහේමද, කාසි අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දින වල උදෑසන 9.00 සිට ද (ප්‍රසිද්ධ හා බැංකු නිවාඩු දින හැර), මාරු කර ගත හැකිය.

දුරකථන: 0112434478