බැංකු අංශය

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලින් සමන්විත ශ්‍රී ලංකාවේ බැංකු අංශය මූල්‍ය පද්ධතියේ ප්‍රධාන ම අංශය වන අතර එය මූල්‍ය පද්ධතියේ සමස්ත වත්කම්වලින් වැඩි ම ප්‍රමාණයකට හිමිකම් කියයි. වත්කම්වල අවදානම් මුහුණුවර, පරිණාමනය කරමින් සමස්ත ආර්ථිකයට ම ද්‍රවශීලතාව සැපයීමේ නිරත ව සිටින බැංකු, ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය තුළ ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරනු ලබයි. මූල්‍ය ගනුදෙනු ක්‍රියාවේ යෙදවීමට සෑම අයෙකුට ම පහසුකම් සලසමින් ගෙවීම් සේවා සැපයීම සම්බන්ධයෙන් ද බැංකු නිරත ව සිටී. අනෙක් අතට, වත්කම් සහ වගකීම්වල පරිනතියේ අසමතුලිතතාව සහ ඒවායේ අන්තර් සම්බන්ධතාවය හේතුවෙන් පද්ධතියට සම්බන්ධ අවදානම් තත්ත්ව බැංකුවලට නිර්මාණය කළ හැකි ය. එම නිසා, බැංකුවල ශක්තිමත්භාවය ඉතා වැදගත් ය. ඒ, මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය පවත්වා ගෙනයෑම සඳහා එය දායක වන හෙයින් හා සියළු ම අනෙකුත් මූල්‍ය සහ මූල්‍ය නො වන ඒකකවල සහ සමස්තයක් වශයෙන් ආර්ථිකයේ ම ක්‍රියාකාරකම්වල ගැටුමක් ඇති කිරීමට යම් අසමර්ථ වීමකට ශක්තියක් තිබිය හැකි බැවිනි.

වත්කම් පාදක කොට ගෙන සහ සපයන ලද සේවාවල විශාලත්වය පරිදි, බැංකු අංශයේ ඇති මූල්‍ය ආයතනවල ඉතාමත් වැදගත් ම කාණ්ඩය වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකුයි. මූල්‍ය පද්ධතියේ සමස්ත වත්කම්වලින් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන බලපත්‍රලාභී වාණිජ බැංකු, මූල්‍ය පද්ධතියේ ප්‍රමුඛ ස්ථානය උසුලයි. එම නිසා, බලපත්‍රලාභී වාණිජ බැංකුවල විශ්වසනීයත්වය මත මූලික ව ම පද්ධතිමය වශයෙන් වැදගත්වන බැංකු ලෙස හැඳින්වෙන විශාල ම බලපත්‍රලාභී වාණිජ බැංකු හයෙහි  කාර්යසාධනය හා මූල්‍ය ශක්තිමත්භාවය මත ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය විශාල වශයෙන් රඳා පවතී.

ගෙවීම් වක්‍රය තුළ ප්‍රධාන අතරමැදි කාර්යයක් සිදු නො කරන බැවින් ප්‍රමාණය සහ මූල්‍ය පද්ධතියට දක්වන බලපෑම යන දෙඅංශය ම සමඟ සසඳන කළ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල පද්ධතිමය වැදගත්කම බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සාපේක්ෂ ව පහළ තත්ත්වයක පවතී.

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු ලේඛනය

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී විශේෂිත බැංකු ලේඛනය