පාලන ව්‍යුහය
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුව යනු නිත්‍ය අනුප්‍රාප්තියක් සහ පොදු මුද්‍රාවක් සහිත සංස්ථාපිත ආයතනයකි. මහ බැංකුවට පරිපාලනමය සහ මූල්‍ය ස්වාධීනභාවයක් ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන මණ්ඩල දෙකක් ඇත. ඒවා නම්,
- පාලක මණ්ඩලය
- මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය
පාලක මණ්ඩලය
මහ බැංකුවේ පරිපාලන සහ කළමනාකරණ කටයුතු අධීක්ෂණය කිරීම සහ මුදල් ප්‍රතිපත්තිය හැරුණු කොට, මහ බැංකුවේ පොදු ප්‍රතිපත්තිය නිර්ණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලය වෙත පැවරී ඇත. පාලක මණ්ඩලය මහ බැංකුවේ අධිපතිවරයා (පාලනය මණ්ඩලයෙහි සභාපති විය යුතු පුද්ගලයා), ආර්ථිකය, බැංකුකරණය, මූල්‍යය, ගිණුම්කරණය සහ විගණනය, නීති හෝ අවදානම් කළමනාකරණය සම්බන්ධව විශේෂඥ දැනුමක් සහිත සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත විය යුතුය. පාලක මණ්ඩලයෙහි ලේකම් මහ බැංකුවෙහි සේවකයෙකු විය යුතු අතර, මහ බැංකු අධිපතිවරයා විසින් නම් කරනු ලැබිය යුතුය.
පාලක මණ්ඩල සාමාජිකයන්
|
|
|
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහඅධිපති |
නිහාල් ෆොන්සේකාපත් කළ සාමාජික |
ආචාර්ය රවී රත්නායකපත් කළ සාමාජික |
![]() |
![]() |
|
අනුෂ්ක විජේසිංහපත් කළ සාමාජික |
විශ් ගෝවින්දසාමිපත් කළ සාමාජික |
මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ පවත්වා ගෙන යෑම සඳහා නම්‍යශීලී උද්ධමනය ඉලක්කගත කිරීමේ රාමුව හා අනුකූල ව නම්‍යශීලී විනිමය අනුපාතික පාලනයක් ක්‍රියාත්මක කිරීම මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය වෙත පැවරී ඇත. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්වය සලකා බලමින්, මුදල් සැපයුම, මුදල් ලබා ගැනීමේ හැකියාව සහ මුදල් පිරිවැය නියාමනය කරනු ලැබිය යුතු ය. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මහ බැංකු අධිපති (මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙහි සභාපති විය යුතු පුද්ගලයා), පාලක මණ්ඩලයෙහි සාමාජිකයන්, ආර්ථික විද්‍යාව සහ මූල්‍ය පිළිබඳ විශේඥයන් දෙදෙනෙකු, මිල ස්ථායිතාව භාර මහ බැංකු නියෝජ්‍ය අධිපති සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාගෙන් සමන්විත වේ. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයෙහි ලේකම් මහ බැංකු අධිපතිවරයා විසින් නම් කරනු ලබන මහ බැංකු සේවකයෙකි.
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල සාමාජිකයන්
|
|
|
ආචාර්ය පී. නන්දලාල් වීරසිංහඅධිපති මූල්‍ය ප්‍රතිපත්ති මණ්ඩලයෙහි සභාපති |
නිහාල් ෆොන්සේකාපත් කළ සාමාජික |
ආචාර්ය රවී රත්නායකපත් කළ සාමාජික |
![]() |
![]() |
![]() |
අනුෂ්ක විජේසිංහපත් කළ සාමාජික |
විශ් ගෝවින්දසාමිපත් කළ සාමාජික |
ආචාර්ය දුෂ්නි වීරකෝන් මෙනෙවියපත් කළ සාමාජික |
|
![]() |
|
ආචාර්ය ප්‍රියංග දුනුසිංහපත් කළ සාමාජික |
ටී. එම්. ජේ. වයි. පී. ප්‍රනාන්දු මියජ්යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති |
කේ. එම්. ඒ. එන්. දවුලගල මියනියෝජ්‍ය අධිපති |