වෙනත් ප්‍රකාශන

ව්‍යවහාර මුදල් නිකුතුව හා කළමනාකරණයෙහි සැත්තෑ වසරක ගමන්මඟ

ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂිකා (විශ්‍රාමික) ශෙලෝමි එච්. ගුණවර්ධන මෙනෙවිය සහ ජ්‍යේෂ්ඨ කළමණාකරු (විශ්‍රාමික) ඩබ්. එම්. කේ. වීරකෝන් මහතාගේ සම කර්තෘත්වයෙන් එළි දුටු මෙම ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදලේ ඉතිහාසය පිළිබඳ උනන්දුවක් දක්වන බැංකුකරුවන්, සිසුන්, නාණක ශාස්ත්‍රඥයන් සහ සාමාන්‍ය පාඨකයන්ගේ පරිශීලනය සඳහා භාවිත කළ හැකි අතර, පරිච්ඡේද හතකින් සමන්විත වේ.

 National Financial Inclusion Strategy Book

 ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා පිළිබඳ මග පෙන්වීමක්

ශ්‍රී ලංකාවේ මූල්‍යායතන පිළිබඳ ව පොදු මහජනතාවගේ දැනුම්වත්භාවය උදෙසා විශේෂයෙන් සැකසුණු මහ බැංකු ප්‍රකාශනයකි. 1995 නොවැම්බර් සිට 2004 ජූනි දක්වා මහ බැංකු අධිපති වූ ඒ එස් ජයවර්ධන මහතාට උපහාර පිණිස එළි දැක්වුණු මෙම ප්‍රකාශනය මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා විසින් රචනා කොට ඇත. ඒ එස් ජයවර්ධන මහතාගේ යෝජනාවක් සහ මග පෙන්වීම යටතේ සමරසිරි මහතා විසින් 2002 වසරේ අප්‍රේල් මාසයේ දී මුල් වරට රචනා කොට නිකුත් කළ මෙම ප්‍රකාශනයේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවන් පිළිබඳ මූලික දැනුමක් පොදු මහජනතාවට ලබා දීමයි. 

ශ්‍රී ලංකාවේ පවතින විවිධ මූල්‍ය ආයතන, ඒවායින් මහජනතාවට ලබා ගත හැකි සේවාවන්, මහ බැංකුවෙන් බලයලත් විවිධ මූල්‍යායතන පිළිබඳ නාමාවලිය, නියාමනය සහ අධීක්ෂණයේ ස්වභාවය, එම ආයතන සමඟ කෙරෙන මහජන ගනුදෙනුවල සුරක්ෂිතභාවය යනාදිය පිළිබඳ ව ප්‍රයෝජනවත් මූලික කරුණු රාශියක් කියවීමට පහසු සරල බසින් මෙහි ඉදිරිපත් කෙරේ. මෙම ප්‍රකාශනයේ ඉංග්‍රීසි සහ දෙමළ ප්‍රකාශනයන් ද නිකුත් වී ඇත. 

පුරාණයෙන් රුපියලට

රටක ඉතිහාසය හැදෑරිමේ දී ඒ රටේ කලින් කල භාවිත වූ කාසි වර්ගවලින් ලැබෙනුයේ සුවිශාල පිටුබලයක්. කාසියක දිග පළල සුළු වුව ද ඒ මත නො මැකී පවතින සටහන් ආදිය පදනම් කරගෙන වැළලූ‍ණ ඉතිහාසයක ආර්ථික, සමාජයීය, දේශපාලන කාරණා පිළිබඳ දත හැකි තොරතුරු සම්භාරය සුවිශාලයි. ”පුරාණයෙන් රුපියලට” ප‍‍්‍රදර්ශනය සැකසෙන්නේ මහ බැංකුවේ ව්‍යවහාර මුදල් කෞතුකාගාරය සතු කාසි, නෝට්ටු සහ අනෙකුත් ප‍‍්‍රදර්ශන භාණ්ඩ එකතුව පදනම් කරගෙන යි. ”ශ‍‍්‍රී ලංකා ආර්ථික ඉතිහාස කෞතුකාගාරය” ට පූර්විකාවක් සපයන මේ ප‍‍්‍රදර්ශනය, එම කෞතුකාගාරය නිමවා අවසන් වන විට එහි ම කොටසක් බවට පත්වනු ඇති. ”පුරාණයෙන් රුපියලට” ප‍‍්‍රදර්ශනයෙන් පැවසෙන අපේ මුදල පිළිබඳ දිගු කතාව සරල බසින් ගෙනහැර දැක්වීම පිණිස මේ ග‍්‍රන්ථය සම්පාදිතයි.

 මූල්‍ය පද්ධතිය පිළිබඳ සමීක්ෂණයක්

ඉංග්‍රීසි භාෂාවෙන් රචිත   නමැති මෙම ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශනය මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතාගේ කෘතියකි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශනය කරන ලද සමරසිරි මහතාගේ හතරවන කෘතිය ද වේ. මූල්‍ය ගනුදෙනු සහ මූල්‍ය පද්ධතියක ක්‍රියාකාරකම් පිළිබඳ මූලික සිද්ධාන්ත සඳහා උනන්දුවක් දක්වන සිසුන්, ගුරු භවතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට මෙම ග්‍රන්ථය පිරිනමා ඇත. ශ්‍රී ලංකාව පිළිබඳ විශේෂ අවධානයක් යොමු කොට මුදල්, මහ බැංකුව, මූල්‍ය ආයතන, මූල්‍ය වෙළෙඳපොළ සහ මූල්‍ය ආරක්ෂණයේ දළ යාන්ත්‍රණය යන සංරචක පහ ආවරණය වන මූල්‍ය පද්ධතිය පදනම් කර ගෙන මෙම කෘතිය ඉදිරිපත් කරයි. මීට අමතර ව, මූලික මාතෘකා පිළිබඳ සාරාංශයක් ද පළවන පරිච්ඡේදයේ දී ඇත. මෙය පාඨකයින්ට සමීප වන කෘතියක් වන අතර මූල්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමට මාර්ගෝපදේශයක් ද වේ. 

ආර්ථික විද්‍යා මූලධර්ම පිලිබඳ හැඳින්වීමක් - පළමු කොටස

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන කේන්ද්‍රයෙහි අධ්‍යක්ෂ සී.පී.ඒ. කරුණාතිලක මහතා විසින් රචිත “ආර්ථික විද්‍යා මූලධර්ම - හැඳින්වීමක් ප්‍රථම භාගය” ග්‍රන්ථය සිංහල මාධ්‍යයෙන් අ.පො.ස.(උ.පෙළ) ආර්ථික විද්‍යාව විෂය හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එම විෂය හැදෑරීමට මහඟු පිටුවහලක් වනු ඇත. අ.පො.ස.(උ.පෙළ) විෂය නිර්දේශය ආවරණය කරමින් කරුණු ඉදිරිපත් කිරීම මූලික අරමුණක් වුවද, අ.පො.ස.(උ.පෙළ) විෂය නිර්දේශයට අමතර කරුණු සෑම පරිච්ඡේදයකින්ම සාකච්ඡාවට බදුන් කර ඇති බැවින් මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුවරුන් හා උගතුන්ගේ පරිශීලනය සඳහා ද සුදුසු ග්‍රන්ථයකි.

ආර්ථික හා මූල්‍ය කරුණු පිළිබඳව මහජනතාවගේ දැනුම්වත් බව වර්ධනය කිරීම සඳහා ශ්‍රි ලංකා මහ බැංකුව මගින් විවිධ ප්‍රකාශනයන් හා වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙම ප්‍රකාශනය මගින් එම සත්කාර සේවය තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇත.

මෙය කතුවරයා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් රචිත "An Introduction to Principles of Economics - Part I" නම් වූ මුල් ග්‍රන්ථයේ අංග සම්පූර්ණ පරිවර්තනයකි.තවත් විස්තර >>

පොලී අනුපාත-සිද්ධාන්ත සහ පරිචය

ඉහත තේමාව යටතේ ආචාර්ය ඩබ්. එම්. හේමචන්ද්‍ර මහතා විසින් ඉංග්‍රීසි බසින් රචිත මෙම පොත ශ්‍රී ලංකාවේ පොලී අනුපාත සහ ඒවායේ යෙදවුම් පිළිබඳ සිද්ධාන්තමය විශ්ලේෂණයක් සපයන මාහැඟි ග්‍රන්ථයකි. එය විශ්වවිද්‍යාල සිසුනට, අනෙකුත් විද්‍යාර්ථීන්ට, විශ්ලේෂකයන්ට, පර්යේෂකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට අත්වැලක් සපයන්නක් මෙන් ම මෙම විෂයය හැදෑරීමේ දී සිසුනට නිතර පැනනඟින ගැටලු නිරාකරණය කරගැනීම සදහා මග පෙන්වන්නක් ද වෙයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශනයකි. තවත් විස්තර >>

ආර්ථික විද්‍යා මූලධර්ම සහ ප්‍රතිපත්ති (සිංහල මාධ්‍යයෙන් පමණයි)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය තුලින් ආර්ථිකයක ක්ෂුද්‍ර, සාර්ව, මූල්‍ය, රාජ්‍ය සහ විදේශීය යන සෑම අංශයකම ක්‍රියාකාරිත්වයට අදාල ප්‍රධාන මූලධර්ම සහ ප්‍රායෝගික කරුණු මෙන්ම විශ්ලේෂණ ක්‍රමයන්ද ඉතාමත් සරල බස් වහරක් යොදාගෙන පියවරින් පියවර ඉදිරිපත් කොට ඇති බැවින් මෙම ග්‍රන්ථය පරිශීලණය ඉතාමත් පහසුය. එබැවින්, මෙය අ.පො.ස. උසස් පෙළ, විශ්ව විද්‍යාල සහ වෘත්තීමය පාඨමාලාවන්හි ආර්ථික විද්‍යාව සහ මූල්‍ය විෂයන් හදාරණ සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට, ප්‍රතිපත්ති සම්පාදකයන්ට සහ උගතුන්ට ඉතා ප්‍රයෝජනවත් ආර්ථික විද්‍යා ග්‍රන්ථයකි.තවත් විස්තර >>

නව මුදල් නෝට්ටු කාණ්ඩයෙහි නිර්මාණාත්මක සහ ආරක්ෂණ ලක්ෂණ පිලිබඳ අන්තර් ක්‍රියාකාරිත්ව CD පටයකි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ නව මුදල් නෝට්ටු කාණ්ඩයෙහි නිර්මාණාත්මක සහ ආරක්ෂණ ලක්ෂණ පිලිබඳ මහජනතාවගේ සහ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමේ ලා සැකසුනු ත්‍රිභාෂාත්මක අන්තර් ක්‍රියාකාරිත්ව CD පටයකි. ශ්‍රී ලංකා මහ බැංකුව තම 11 වන මුදල් නෝට්ටු කාණ්ඩය " සොභාග්‍යය, සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන් " යන තේමාව යටතේ 2011 පෙබරවාරි 04 වන දින බුත්තල දී පැවති දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේදී නිකුත් කළේය.

මූලික ආර්ථික විද්‍යා මූලධර්ම විග්‍රහය (සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පමණයි)

ආර්ථිකයක ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය අවබෝධයට සහ විග්‍රහයට පාදක වන මාතෘකා මූලිකව පදනම් කරගෙන මෙම කෘතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා විසින් රචනා කර ඇත. ආර්ථිකයක ක්‍රියාකාරී පදනම, පාරිභෝගික හා නිෂ්පාදක හැසිරීම, භාණ්ඩ හා සේවා වෙළෙ පොළවල්, සාර්ව ආර්ථික කටයුතු මැනීම, ආර්ථික සමතුලිතතාවය, මුදල් සහ බැංකු, විදේශ වෙළෙඳාම, මුදල් සහ ගෙවුම් ශේෂය, රාජ්‍ය මූල්‍ය සහ අයවැය ප්‍රතිපත්තිය, මූලික සාර්ව ආර්ථික දර්ශක සහ වත්මන් ලෝක මූල්‍ය අර්බුදය යනාදිය මූලික මාතෘකා වෙති. එබැවින්, මෙම කෘතිය අ.පො.ස. උසස් පෙළ, විශ්ව විද්‍යාල සහ වෘත්තීය පාඨමාලා හදාරණ සිසුන්ට මෙන්ම ගුරුවරුන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද ඉතා ප්‍රයෝජනවත් විමර්ශන ග්‍රන්ථයක් වනු ඇත. තවත් විස්තර >>

පහසුවෙන් සිටින්

උද්ධමනයේ කතාව

මෙම චිත්‍රකතාව තුළින්

උද්ධමනය යනු කුමක් ද
උද්ධමනයට හේතු මොනවා ද
පුද්ගලික මට්ටමින් සහ පොදුවේ ආර්ථිකයට උද්ධමනය බලපාන්නේ කෙසේ ද
උද්ධමනය පාලනය කර ගත හැක්කේ කෙසේ ද
උද්ධමනය මනින්නේ කෙලෙසින් ද

යන ගැටළුවලට ඉතා සරල ආකාරයකින් පිළිතුරු සපයයි

මුදල් ගනුදෙනු, බැංකු සහ ආර්ථිකය (සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පමණයි)

ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති පී සමරසිරි මහතා විසින් රචිත මෙම කෘතියට ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය, මුදල්, මුදල් ප්‍රතිපත්තිය, මූල්‍ය වෙළෙඳපොළ, විදේශ විනිමය වෙළෙඳපොළ, වාණිජ බැංකු කටයුතු, බැංකු අධීක්ෂණය, මහ බැංකු කටයුතු මෙන් ම වර්තමාන ගෝලීය මූල්‍ය සහ ආර්ථික අර්බුද වැනි මූලික මූල්‍ය විෂයයන් පිළිබඳ ව ශාස්ත්‍රීය විග්‍රහයක් ඇතුළත් ය. එම විෂයයන්වල න්‍යායාත්මක සහ ප්‍රායෝගික අංශ ආවරණය කරමින් සරල බමින් මෙම ග්‍රන්ථය ලියා ඇත. එම නිසා, මූල්‍ය කටයුතු සහ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා අ පො ස (උ පෙ), වෘත්තීය පාඨමාලා සහ විශ්වවිද්‍යාල සිසුන්ට ද ගුරුවරුන්ට ද එ මෙන් ම විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ද මෙම ග්‍රන්ථය ඉතා ප්‍රයෝජනවත් වේ.

තවත් විස්තර >>

ප්‍රත්‍යාවලෝකනය - විඩා නිවුම් පුස්තකය(60 වන සංවත්සරය වෙනුවෙන් නිකුත් කරන ලද ප්‍රකාශන)

මෙම ඉතාමත් වැදගත් අවස්ථාව සනිටුහන් කිරීමට නිකුත් කරන ලද ප්‍රත්‍යාවලෝකනය නම් විඩා නිවුම් පුස්තකය මහ බැංකුව එහි ආරම්භයේ සිට එ නම් 1950 වසරේ සිට තම කාර්යයන් ඉටු කරමින් පැමිණි දර්ශනීය සාමාජයීය, දේශපාලනික සහ ආර්ථික පසුබිම දෙස මොහොතක් බැලීමට කවුළුවක් සපයයි.

තවත් විස්තර>>

ප්‍රවේණිය කෘති මාලාව

එක් එක් ප්‍රදේශවල විශේෂිත ස්ථාන පිළිබඳව මහජනතාවගේ දැනුම වර්ධනය කරනු වස් ප්‍රාදේශීය සංවර්ධනය බැංකු සමඟ එක්ව ප්‍රකාශයට පත් කළ ප්‍රකාශන මාලාවකි. ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් ඇත.