කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ සියයට 8.0හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.3ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 8.7හි සිට 2026 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර, එම කාලය තුළ දී ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය 2026 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 7.7හි සිට සියයට 8.0 දක්වා ඉහළ ගියේය.















