ශ්‍රී ලංකා මහ බැංකුව සිය තුන්වන වෙළඳපොළ මෙහෙයුම් වාර්තාව 2025 වසරේ ජූලි මස 31වන දින නිකුත් කළේය. නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය යටතේ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව උපයෝගී කර ගනිමින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී මහ බැංකුව විසින් සිදු කරනු ලබන මුදල් මෙහෙයුම් සහ විදේශ විනිමය මෙහෙයුම් පිළිබඳව පාර්ශ්වකරුවන් අතර දැනුම්වත්භාවය සහ අවබෝධය වැඩි දියුණු කිරීම මෙම වෙළඳපොළ මෙහෙයුම් වාර්තාවේ අරමුණයි.
Published Date:
Thursday, July 31, 2025