ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යාපනික වැඩසටහන්

ශ්‍රී ලංකා මහ බැංකුව තම ප්‍රතිපත්ති තීරණ පිළිබඳ ව මහජනතාවට දැනුම්වත් කිරීමට සහ එහි අරමුණු සහ කාර්යයන් පිළිබඳ ව ඔවුන්ගේ දැනුවත්භාවය වැඩිදියුණු කිරීමට නිරන්තරයෙන් කැප වී සිටියි. ඒ ඔබගේ ආයතනයේ හෝ පාසලේ වැදගත් අවස්ථා සඳහා සම්පත්දායකයින් ලබා දීම, තෝරා ගත් මාතෘකා පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, මුදල් කෞතුකාගාරය නැරඹීමට මාර්ගෝපදේශයකු සහිත සංචාර සංවිධානය කිරීම, බාගත කළ හැකි අධ්‍යාපන තොරතුරු සහ ආර්ථික විද්‍යාව හා මූල්‍ය පිළිබඳ ප්‍රකාශන මාලාවක් ලබා දීම, සහ විටින් විට අධ්‍යාපනික උත්සව සඳහා සත්කාරත්වය ලබා දීම ඇතුළු විවිධ සේවාවන් ඔස්සේ යි.

මෙම සේවාවන් ලබා ගැනීම සඳහා ප්‍රවේශ විය හැකි මාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු පහත දැක්වේ.

ඔබ ආයතනය හෝ පාසල සඳහා සම්පත්දායකයකු ලබා ගැනීමට

ඔබ ආයතනයේ හෝ පාසලේ වැදගත් අවස්ථා/අධ්‍යාපනික වැඩසටහන් සඳහා සේවය ලබා දීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති තාක්ෂණික වශයෙන් දක්ෂ පුද්ගලයින්ගෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සම්පත්දායක මඩුල්ල සමන්විත වේ. කරුණාකර වැදගත් අවස්ථා/අධ්‍යාපනික වැඩසටහන් පිළිබඳ විස්තර අඩංගු ඔබගේ ඉල්ලීම awareness@cbsl.lk විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.

තෝරා ගත් මාතෘකා පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් සඳහා ඉල්ලුම් කිරීමට 

ශ්‍රී ලංකා මහ බැංකුව එහි ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන කාර්යාල, බැංකු, ආරක්ෂක සේවා සහ වෙනත් රාජ්‍ය ආයතන ආදී බාහිර පාර්ශ්වයන්ගේ ඉල්ලීම පරිදි දැනුම්වත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත්‍රණ සහ වෙනත් අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කරයි.

අවශ්‍ය තොරතුරු ලබා දෙමින් මංගත අයදුම් පත්‍රය පුරවා ඔබේ ඉල්ලීම awareness@cbsl.lk වෙත යොමු කළ හැකි ය.

   

මුදල් කෞතුකාගාරය නැරඹීමට මාර්ගෝපදේශයකු සහිත සංචාර සඳහා ඉල්ලුම් කිරීමට

ක්‍රි. පූ. 3 වැනි සියවසේ සිට අද දක්වා ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් නෝට්ටු සහ කාසි ඇතුළත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් කෞතුකාගාරය ලෝකයේ මුදල් පරිණාමය පුළුල් පරාසයක නිරූපණය කරමින් ප්‍රදර්ශන භාණ්ඩ ඉදිරිපත් කරයි. මුදල් කෞතුකාගාරය පිළිබඳ වැඩි විස්තර සඳහා, කරුණාකර මෙතැන ක්ලික් කරන්න.

ඔබට මාර්ගෝපදේශකයකු සහිත මුදල් කෞතුකාගාර චාරිකාවක් සඳහා වේලාවක් වෙන් කර ගැනීමට අවශ්‍ය නම්, අවශ්‍ය තොරතුරු ලබා දෙමින් ඒ සඳහා අදාළ අයදුම් පත්‍රය පුරවා ඔබේ ඉල්ලීම awareness@cbsl.lk වෙත කරුණාකර යොමු කරන්න.

විෂය කරුණු

ශ්‍රී ලංකා මහ බැංකුව අධ්‍යාපන විෂයමාලාවලට සහාය වීම සඳහා වීඩියෝ මාලාවක් ද සකස් කර ඇත. පහත සබැඳි ඔස්සේ අපගේ විෂය කරුණු නොමිලේ ගවේෂණය කළ හැකි ය.

මහ බැංකු කටයුතු

මුදල් ප්‍රතිපත්තිය

මූල්‍ය සාක්ෂරතාව

   

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රකාශන මිල දී ගැනීමට

ආර්ථික විද්‍යාව, මහ බැංකු කටයුතු ආදිය පිළිබඳ ඔබේ අවබෝධය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශ විය හැකි ආර්ථික සහ මූල්‍ය විෂයයන් පිළිබඳ ප්‍රකාශන මාලා මෙන් ම වෙනත් ප්‍රකාශන ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරයි.

ප්‍රකාශන සඳහා සබැඳි:

ආර්ථික හා මූල්‍ය වාර්තා

සඟරා

වෙනත් ප්‍රකාශන

ඔබට ප්‍රකාශන මිල දී ගැනීමට අවශ්‍ය නම්, කරුණාකර මහ බැංකු ප්‍රකාශන අලෙවි කවුළුව වෙත පිවිසෙන්න.

අධ්‍යාපනික වැඩසටහන්

Econ-Icon ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

‘Econ-Icon’ යනු උසස් පෙළ සිසුන්ගේ ආර්ථික විද්‍යාව සහ මහ බැංකු කටයුතු පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීම සඳහා සිංහල සහ දෙමළ මාධ්‍ය දෙකෙන් ම නිර්මාණය කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිෂ්පාදනය කරන ලද අධ්‍යාපනික රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනකි.

පෙර වැඩසටහන් සබැඳි සඳහා මෙතැන ක්ලික් කරන්න.

තක්ෂිලාව

සෑම වසරක ම අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තාක්‍ෂණික ලෙස දක්‍ෂ සම්පත්දායකයින්ගේ සහභාගීත්වයෙන් සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ඉදිරිපත් කරන අධ්‍යාපනික මෙන් ම දැනුම බෙදා ගැනීමේ රූපවාහිනී වැඩසටහනකි.

පෙර වැඩසටහන් සබැඳි සඳහා මෙතැන ක්ලික් කරන්න.