කොටස් වෙළෙඳපොළ

සමාගමෙහි ඉපැයීම් හා වත්කම්වලට හිමිකම් කීමේ අයිතියෙහි කොටසක් පිළිබිඹු කරන සුරැකුම්පත් කොටස් ලෙස හඳුන්වයි.  සමාගමේ ලාභයෙන් ප්‍රතිශතයක් වන ලාභාංශ කොටස් හිමිකරුවන්ට ගෙවනු ලබයි.

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිට එ නම් 1896 දී ආරම්භ වූ කොළඹ කොටස් තැරැව්කාර ආයතනයත් සමඟ ම ආරම්භ වූ අතර පසු ව 1990 දී එය කොළඹ කොටස් වෙළෙඳපොළ ලෙස නම වෙනස් කරන ලදී.

අනෙකුත් බොහෝ වෙළෙඳපොළවලට මෙන් ම කොටස් වෙළෙඳපොළෙහි ක්‍රියාකාරීත්වය ද දේශපාලන මෙන් ම සාමකාමී පරිසරයන්හි වෙනස්වීම්වලට ඉතා සංවේදී වේ. ඊට අමතර ව වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වය ප්‍රධාන ආයතනවල ස්ථිර පදනම හා ලාභය මත රඳා පවතී. ආයෝජන හා ණය දීම් හරහා මූල්‍ය ආයතනවල කොටස් වෙළෙඳපොළට නිරාවරණය වීම අඩු මට්ටමක පවතින බැවින් කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තුළින් මූල්‍ය පද්ධති ස්ථායිතාවට ඇති බලපෑම සාපේක්ෂ ව අඩු අගයක් ගනී.