රැකියා

1949 මුදල් නීති පනත යටතේ ස්ථාපිත ශ්‍රී ලංකා මහ බැංකුව, ඉහළ ම ඒකාග්‍රතාවකින් හා වෘත්තීයභාවයකින් යුතු ව ශ්‍රී ලංකා රජය වෙත විචක්ෂණශීලි හා ක්‍රියාකාරී ප්‍රතිපත්ති නිර්දේශයන් සපයනු ලබන අතර එහි අපක්ෂපාතී බව හේතු කොට ගෙන ගෞරවනීය සේවාවක් සපයයි. 

ශ්‍රී ලංකාවේ සෞභාග්‍යයට දායක වන විශ්වසනීය හා ගතික මහ බැංකුවක් ලෙස කටයුතු කිරීම අපගේ දැක්ම වන අතර ප්‍රතිපත්තිමය ප්‍රෝත්සාහයන්, උපදෙස්, කැපවීම සහ විශිෂ්ඨත්වය තුළින් තිරසාර වර්ධනයක් ලබා ගැනීම සඳහා පිටුබලයක් වීමට ආර්ථික සහ මිල ස්ථායිතාවත් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවත් පවත්වා ගැනීම අපගේ මෙහෙවරයි. 

මෙසේ කටයුතු කිරීමේදී අප පවත්වා ගන්නා ගුණාංගයන් අතරට ප්‍රබෝධමත් නායකත්වයක් වෙනුවෙන් කැපවීම, විනිවිදභාවය, මහජනතාව, රජය, මූල්‍ය ආයතන සහ සේවකයින් වෙත වගකීමට බැඳී සිටීම, ඒකාග්‍රතාව, වෘත්තීය නිපුණත්වය සඳහා කෙරෙන කැපවීම, අඛණ්ඩ අධ්‍යයනය, දැනුම බෙදා ගැනීම සහ නව්‍යකරණය සඳහා කෙරෙන කැපවීම, බැංකුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල සංගත බව, නිවැරදි බව සහ කාලීන බව, ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය මෙහෙයුම් ස්වාධීනත්වය පවත්වා ගැනීම සහ එය තහවුරු කර ගැනීම, ප්‍රතිඵල සහ ප්‍රතිදාන සඳහා කඩිනම් සහ නිරන්තර කැපවීම, කාර්යයන් ඉටු කිරිමේ දී සහයෝගිත්වයත් සහභාගීත්වයත් ලබා දීම යන ගුණාංගයන් ඇතුළත් වේ.

තව ද, සිය සමස්ත කාර්ය මණ්ඩලය වෙත වෘත්තිය සංවර්ධනය සඳහා අවස්ථාවන් ලබාදීමට මහ බැංකුව නිරන්තරයෙන් කැපවී සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වීමට අවස්ථා