ව්‍යවහාර මුදල් නෝට්ටු වල අනුකරණ සැකසීම
මුදල් නෝට්ටුවල දෘශ්‍යමාන පිළිබිඹුව, අන්තර්ගතයන් හෝ මුදල් නෝට්ටුවේ මුහුණුවර සම්පූර්ණයෙන්ම හෝ එහි කොටසක්, පිටපත්කිරීම,අනුරූ සෑදීම, අණුකරණය හෝ නිර්මාණය මුදල් නෝට්ටුවල අනුකරණ සැකසීම ලෙස හැඳින්වේ. මෙය රූප සටහන්, චිත්‍රණය, ඡායාරූප, පින්තූර, ඉලෙක්ට්‍රොනික පිළිබිඹු, මුද්‍රණ හෝ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය, අන්තර්ජාලය, රූපවාහිනිය හා චිත්‍රපට මඟින් සිදුකළ හැක.
පහත දැක්වෙනුයේ 1949 මුදල් නීති පනතේ 58 වන වගන්තියෙහි උපුටා ගැනීමකි.
58 වන වගන්තිය: මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඕනෑම අයෙකු;
1. කැපීම, සිදුරු කිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් විකෘති කිරීම;
2. මුදල් නෝට්ටුවක් මත යමක් මුද්‍රණය කිරීම, මුද්‍රා තැබීම හෝ වෙනත් ඕනෑම දෙයක් ඇඳීම හෝ කිසියම් මුද්‍රාවක් හෝ සලකුණක් තැබීම;
3. වෙළෙඳ දැන්වීමක ස්වරෑපයෙන් ව්‍යවහාර මුදල් නෝට්ටුවක් යොදා ගැනීම, ඒ මතුපිටට සම්බන්ධ කිරීම හෝ ඇලවීම; හෝ
4. ඕනෑම ආකාරයකින් අනුකරණය කිරීම හෝ ව්‍යවහාර මුදල් නෝට්ටු අනු පිටපත් කිරීම;
සිදුකරයි නම්, නීතිය ඉදිරියේ සාපරාධී වරදකරුවෙකු වේ.
මුදල් නෝට්ටු වල අනුකරණ සැකසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත හැකි ආකාරය සහ අවසර ඇතිව මුදල් නෝට්ටු වල අනුකරණ සැකසීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයන් පහත දැක්වේ.
අනුමැතිය ලබාදීමේ ක්‍රමවේදය
1. ශ්‍රී ලංකා ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ප්‍රතිනිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන ඕනෑම පුද්ගලයෙක් ප්‍රතිනිෂ්පාදන කිරීමට යෝජනා කරන දිනයට පෙර අඩුම තරමින් දින 30 කට පෙර මෙම අයදුම්පත්‍රය ශ්‍රී ලංකා මහ බැංකුවේ ව්‍යවහාර මුදල් අධිකාරී වෙත යොමු කල යුතු වේ.
2. ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණය ව්‍යවහාර මුදල් අධිකාරී විසින් දෙන ලද කාල සීමාව තුල අයදුම්කරු වෙත දැනුම් දෙනු ඇත.
3. අවසාන අනුමැතිය සඳහා අනුමත කළ ප්‍රතිනිෂ්පාදනයෙහි සාක්ෂි අයදුම්කරු විසින් ව්‍යවහාර මුදල් අධිකාරී වෙත සැපයිය යුතුය.
4. ව්‍යවහාර මුදල් නෝට්ටු ප්‍රතිනිෂ්පාදනය සම්බන්ධ විමසීම් එවිය යුතු ලිපිනය:
ව්‍යවහාර මුදල් අධිකාරී,
ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
30, ජනාධිපති මාවත,
කොළඹ 01.