මූල්‍ය බුද්ධි ඒකකය

2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය යටතේ 2006 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය පිහිටුවන ලදී.

ජනාධිපතිවරයා විසින් ඉහත පනත යටතේ කරන ලද නියෝගයකට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව තුළ ස්වාධීන ආයතනයක් ලෙස මූල්‍ය බුද්ධි ඒකකය කටයුතු කරයි. ඒ අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට හා යහ පරිචයන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ ඒ ආශ්‍රිත අපරාධ වැළැක්වීමට එරෙහිව කටයුතු කිරීම මූල්‍ය බුද්ධි ඒකකයේ මූලික අරමුණ වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති සම්පාදන හා නියාමන හැකියාවන් තුළින්, මූල්‍ය බුද්ධි ඒකකයේ මෙහෙයුම් වැඩිදියුණු කිරීම සහ එහි ව්‍යවස්ථාපිත කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා 2007 පෙබරවාරි මාසයේ දී මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් ලෙස ප්‍රතිසංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ තන්ත්‍රය නීති තුනකින් සමන්විත වේ.

(අ)  2005 අංක 25 දරන ත්ර්ස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත

- 2011 අංක 41 දරන ත්රිස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත

- 2013 අංක 3 දරන ත්ර ස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත

(ආ) 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත

- 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන) පනත

(ඇ) 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත