බැංකු නො වන මූල්‍ය හා කල්බදු අංශය
බැංකු නො වන මූල්‍ය හා කල්බදු අංශය සමන්විත වනුයේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්වලිනි.
පරීක්ෂණය, අඛණ්ඩ අධ්‍යයනය, නියාමන අනුමැතීන් ලබාදීම, නිර්දේශ හා විචක්ෂණශීලී අවශ්‍යතාවයන් නිකුත් කිරීම, මූල්‍ය ව්‍යපාර පවත්වාගෙන යන හා තැන්පතු භාර ගැනීමට අධිකාරියක් නොමැති සමාගම් විමර්ශනය සහ මහජන පැමිණිලි විමර්ශනය බැංකු නොවන මූල්‍ය අංශයේ අධීක්ෂණය සිදුකරනු ලබයි.
අවම ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතාව, ද්‍රවශීලතා අවශ්‍යතා, බොල් සහ අඩමාණ ණය සඳහා වෙන් කිරීම, තනි පුද්ගල ණයගැති සීමා සහ කොටස්වල ආයෝජන මත වූ සීමා යන නියාමන සහ නීති හා රෙගුලාසි මුදල් ව්‍යාපාර පනත මගින් අාවරණය කරයි.
මුදල් ව්‍යාපාර පනත මගින් විචක්ෂණශීලී අවශ්‍යතා ඉටු නොකිරීම සම්බන්ධව මුදල් මණ්ඩලයට සහ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ලබා දෙන නිවැරදි ක්‍රියාමාර්ග අතර දඩ නියම කිරීම, ව්‍යාපාරික සීමා, බලපත්‍ර අවලංගු කිරීම සහ පොත් වැඩිදුර විමර්ශනය ආදිය වේ.
බලපත්‍රලාභී මුදල් සමාගම්
බලපත්‍රලාභී මුදල් සමාගම් නියාමනය හා අධීක්ෂණය ශක්තිමත් කිරීම සහ අවසර නොලත් මුදල් ව්‍යාපාර වැළැක්වීම සඳහා 2011.11.09 දින 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත අහෝසි කරමින්, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත නීතිගත කරන ලදී.
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මුදල් සමාගම් ලේඛනය
විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම්
2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතට අනුව නියමිත ප්‍රාග්ධනයක් සහිත මූල්‍ය කල්බදු ව්‍යාපාර පවත්වාගෙන යෑමට බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලියාපදිංචි කිරීමේ සහතිකය අත්‍යවශ්‍ය වේ.
ලියාපදිංචි කල්බදු මුල්‍යකරණ ආයතන යටතේ ලියාපදිංචි කිරීමට යෝග්‍ය ආයතන කාණ්ඩ හතරක් ඇත. ඒවා නම් බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ පොදු සමාගම් (විශේෂිත කල්බදු මූල්‍යකරණ සමාගම්) වේ.
කල්බදු මුල්‍යකරණ පනත යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විශේෂිතකල්බදු මූල්‍යකරණ සමාගම් නියාමනය සහ අධීක්ෂණය සිදු කරයි.
විශේෂිත කල්බදු මුල්‍යකරණ සමාගම්වලට මහජන මුදල් තැන්පතු ලෙස භාර ගැනීමට අවසර ලබා දී නොමැත. කෙසේ වුව ද, බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය ඇති ව, මෙම සමාගම්වලට වාණිජ පත්‍ර, ණයකර වැනි ණය උපකරණ නිකුත් කිරීම මගින් අරමුදල් සපයා ගත හැකි ය.