බැංකුවේ ඉතිහාසය

මහ බැංකුවේ ආරම්භය

1948 වසරේ නිදහස ලැබීමත් සමඟ ම වේගවත් ලෙස ආර්ථික සහ මූල්‍ය පද්ධති සංවර්ධන කිරීම මගින් ආර්ථික වර්ධනයට අනුබල දීමට සහ එය දිරිමත් කිරීමට අවශ්‍ය කාර්යක්ෂම මුදල් ප්‍රතිපත්තියක් සහ ක්‍රියාශීලී මූල්‍ය අංශයක් පවත්වා ගෙන යෑම පිණිස ලංකා රජය විසින් ලංකා මහ බැංකුව ස්ථාපනය කරන ලදී.   

බැංකුව ස්ථාපනය කිරීමට පෙර, රජයේ මුදල් අධිකාරිය ලෙස ක්‍රියා කළ ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය 1884 අංක 32 දරන කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටුවන ලද්දකි. නමුත් මෙය ඉතා පටු පරාසයක් තුළ ක්‍රියාත්මක වූ නිසා දේශපාලන නිදහස ලබා ගැනීමෙන් පසු සංවර්ධනය වෙමින් පවත්නා රටක් සඳහා මෙම පද්ධතිය ප්‍රමාණවත් නො වන බවට තීරණය වුණි.  

මහ බැංකුවක් ස්ථාපනය කිරීම පිණිස අවශ්‍ය තාක්ෂණික විශේෂඥ දැනුම ලබා ගැනීම සඳහා 1948 ජූලි මාසයේ දී එක්සත් ජනපද රජයෙන් කළ ඉල්ලීමකට අනුව එම කාර්යය ඉටු කිරීමේ වගකීම ඇමරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වන ඇමරිකානු ජාතික ජෝන් එක්ස්ටර් මහතාට පැවරිණි. 

1949 නොවැම්බර් මස මහ බැංකුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය තාර්කික හා නෛතික රාමුව පිළිබඳ එක්ස්ටර් වාර්තාව ලංකාණ්ඩුවට ඉදිරිපත් කළ අතර මෙම වාර්තාවේ දෙවැනි කොටස ලෙස පැහැදිලි කිරීම් ඇතුළත් කෙටුම්පතක් ද ඒ සමඟ ම ඉදිරිපත් කරන ලදී. 1949 නොවැම්බර් 25 වැනි දින ලංකාණ්ඩුව විසින් මෙම කෙටුම්පත සම්මත කළ අතර එය 1949 අංක 58 දරන මුදල් නීති පනත ලෙස හැඳින්වේ. ඒ සමඟ ම ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය අහෝසි වූ අතර ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා පියවර ගැනුණි.  මේ අනුව 1949 අංක 58 දරන මුදල්  නීති පනත යටතේ ලංකා මහ බැංකුව ස්ථාපනය කරන ලදුව එහි මෙහෙයුම් කටයුතු 1950 අගෝස්තු 28 වැනි දින ආරම්භ කරනු ලැබී ය. 1985 දී මෙය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත නම් කරන ලදී. 

(අ) දේශීය මුදලේ අගය ස්ථාවර කිරීම (මිල ස්ථායීතාව පවත්වාගෙන යෑම).  රටෙහි සමස්ත මුදල්, බැංකු කටයුතු හා ණය ක්‍රම පරිපාලනය කිරීමට හා නියාමනය කිරිමට අවශ්‍ය පුළුල් බලතල මහ බැංකුවට පැවරුණි. එ මෙන් ම ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ තනි අයිතිය සහ බලය ද මහ බැංකුවට පැවරුණ අතර රටේ ජාත්‍යන්තර සංචිතවල භාරතාරත්වය ද එයට පැවරුණි. 1949 මුදල් නීති පනතේ සඳහන් කළ ආකාරයට මහ බැංකුවේ අරමුණු වුයේ,

(ආ) ශ්‍රී ලංකා රුපියලේ මුහුණත අගය හෝ විනිමය අනුපාතිකයේ ස්ථායිතාව ආරක්ෂා කිරිම (විනිමය අනුපාතිකයේ ස්ථායිතාව පවත්වා ගෙන යෑම)

(ඇ) ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය, සේවා නියුක්තිය හා මූර්ත ආදායම ඉහළ මට්ටමක පවත්වා ගෙන යෑම සහ ප්‍රවර්ධනය කිරීම

(ඈ) ශ්‍රී ලංකාවේ ඵලදායි සම්පත් පූර්ණ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීම හා ප්‍රවර්ධනය කිරීම

කෙ සේ වෙතත් මහ බැංකු කටයුතුවල ඇති වන ගෝලීය ප්‍රවණතා සහ ජාත්‍යන්තර මූල්‍ය වෙ‍ළෙඳපො‍ළේ ශීඝ්‍ර වෙනස්කම්වලට අනුකූල ව ආර්ථික ලිහිල්කරණය සහ තොරතුරු තාක්ෂණයේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් 2000 වසරේ දී මහ බැංකුව නවීකරණය කිරීමේ වැඩසටහනක් දියත් කළේ ය. එතැන් පටන් මහ බැංකු අරමුණු පහත සඳහන් ප්‍රධාන අරමුණු දෙකට සීමා විය:

(අ) ආර්ථික සහ මිල ස්ථායිතාව පවත්වා ගෙන යෑම

(ආ )මූල්‍ය පද්ධති ස්ථායිතාව පවත්වා ගෙන යෑම

 

හිටපු අධිපතිවරුන්

අජිත් නිවාඩ් කබ්රාල්

2021 - 2022

දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්

2019 - 2021

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

2016 - 2019

අර්ජුන මහේන්ද්‍රන්

2015 - 2016

අජිත් නිවාඩ් කබ්රාල්

2006 - 2015

දේශමාන්‍ය සුනිල් මෙන්ඩිස්

2004 - 2006

දේශමාන්‍ය ඒ. එස්. ජයවර්ධන

1995 - 2004

එච්. බී. දිසානායක

1992 - 1995

ආචාර්ය එච්. එන්. එස් කරුණාතිලක

1988 - 1992

ආචාර්ය ඩබ්ලිව්. රාසපුත්‍රම්

1979 - 1988

එච්. ඊ. තෙන්නකොන්

1971 - 1979

ඩබ්ලිව්. තෙන්නකෝන්

1967 - 1971

 

ඩී. ඩබ්ලිව්. රාජපතිරණ

1959 - 1967

ශ්‍රීමත් ආතර් රණසිංහ

1954 - 1959

දේශමාන්‍ය එන්. යූ. ජයවර්ධන

1953 - 1954

   

ජෝන් එක්ස්ටර්

1950 - 1953

(ආරම්භක අධිපති)

   

ව්‍යවහාර මුදල් කෞතුකාගාරයන්

ප්‍රත්යාවලෝකනය

සංවත්සර සැමරුම් වෙළුම්