සංවර්ධන මූල්‍ය සහ මූල්‍ය ප්‍රවේශ
සහභාගිත්ව මූල්‍ය ආයතන හරහා ප්‍රතිමූල්‍ය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම හා ණය ඇප ආවරණ යෝජනා ක්‍රම පරිපාලනය කිරීම මගින් රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීම හා තුලිත වර්ධනය ලඟා කර ගැනීම සඳහා වන ප්‍රතිපත්තිවලට සහයෝගය දැක්වීම ප්‍රධාන අරමුණ කර ගනිමින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
ප්‍රාදේශීය සංවර්ධනය ඉහළ නැංවීම, දිළිඳුකම පිටුදැකීම, නව ආදායම් මාර්ග හා රැකියා අවස්ථා නිර්මාණය කිරීම, කුසලතා සංවර්ධනය හා පුහුණු වැඩසටහන් සඳහා ප්‍රතිපාදන සැපයීම, විධිමත් මූල්‍ය සේවා සැපයීම, දුෂ්කර ප්‍රදේශයන්හි ආර්ථිකය ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා අත්‍යාවශ්‍ය හා කාබනික ආහාර නිෂ්පාදනය වැඩි කිරීම මෙහි උපාය මාර්ගික අරමුණු වෙයි.
සේවා
මූල්‍ය අනුග්‍රහය
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව, සහභාගිත්ව මූල්‍ය ආයතන හරහා ප්‍රතිලාභීන් හට කෘෂි, පශු සම්පත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් හට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම සිදු කරයි.
අදාළ ප්‍රතිපාදන සහභාගිත්ව මූල්‍ය ආයතනයන්ගේ නියමයන් හා කොන්දේසිවලට යටත්ව, මූල්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන් හෝ ව්‍යාපාර සුරක්ෂිත කිරීම සහ ඉදිරි අභියෝග හමුවේ ඔවුනට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය පහසුකම් සැපයීම ද ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.
මෙම ණය යෝජනා ක්‍රම හා ණය පරිපූරක සේවා සඳහා අරමුදල් සැපයීම ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ණය ප්‍රදානය කරන ආයතන සහ සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් සිදු කරනු ලබයි.
ණය ඇප ආවරණ
සහභාගිත්ව මූල්‍ය ආයතනවලින් ලබා දෙන ලද ණය සඳහා අවදානම අඩු කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ණය ඇප ආවරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරයි. මෙම යෝජනා ක්‍රම යටතේ තෝරා ගත් අංශයන් යටතේ ලබා දුන් ණය ගෙවීම පැහැර හරිනු ලබන අවස්ථාවලදී ණය ඇප ආවරණයක් ලබා දෙනු ලැබේ.
මේ සඳහා ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඇප ආවරණ හා හානිපූරණ ගෙවීම්වලට අදාළ නීති හා රෙගුලාසි ඇතුළත් කර මෙහෙයුම් උපදෙස් නිකුත් කරයි. සහභාගිත්ව මූල්‍ය ආයතනවලට මෙම ණය යෝජනා ක්‍රම වඩා ප්‍රයෝජනවත් වන අතර, එමගින් මෙම ආයතනවල ණය අවදානම අඩු කිරීමද සිදු කරයි.
ණය යෝජනා ක්‍රමයන්ට අදාළ මෙහෙයුම් උපදෙස්හි සඳහන් පරිදි ණය ඇප ආවරණ සඳහා සුදුසුකම් ලැබීමට සහභාගිත්ව මූල්‍ය ආයතන විසින් පාරිතෝෂික ගෙවිය යුතු වේ.
පොලී සහනාධාරය
සහභාගිත්ව මූල්‍ය ආයතනවලට අදාළ ණය යෝජනා ක්‍රම යටතේ ලබා දුන් ණය සඳහා පොලී සහනාධාර ලැබේ. මූල්‍ය ආයතනවලින් ලබා දුන් අරමුදල්වල පිරිවැය හා හානිය පූරණය කර ගැනීමට හා ආර්ථිකයේ හඳුනාගත් අංශයන්ට ණය ලබා දීම දිරිමත් කිරීමට මෙම ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක වේ.
මහජනතාව දැනුවත් කිරීම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පද්ධතිය පිළිබඳ දැනුවත්භාවය අඩු පුද්ගලයින් සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් හා නිපුනතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම වැඩසටහන්වල මූලික අරමුණ වන්නේ රට තුළ මූල්‍ය අන්තර්ගතභාවය ඉහළ නැංවීම සඳහා මූල්‍ය කළමනාකරණය, ව්‍යවසාය සංවර්ධනය, පුහුණුකරන්නන් පුහුණු කිරීම හා ව්‍යවසායකයින් සඳහා වැඩමුළු පැවැත්වීම සිදු කිරීම වේ.
සාමූහිකව ක්‍රියා කිරීම සඳහා ස්ව කැමැත්තෙන් එකඟ වූ අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ස්ව සාධන කණ්ඩායම් නිර්මාණය කිරීමද ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබේ.
මීට අමතරව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය ප්‍රවේශය පිළිබඳව හා මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීම සිදු කරනු ලැබේ.
එමෙන්ම, වත්මන් ආර්ථිකයේ සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ද ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සිදු කරයි.
ණය යෝජනා ක්‍රම
ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් දැනට ණය යෝජනා ක්‍රම 11 ක් ක්‍රියාවට නංවනු ලබයි. මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය, ක්ෂුද්‍ර මූල්‍ය අංශය හා කෘෂිකාර්මික හා සත්ව පාලන අංශය වෙත ප්‍රතිමූල්‍ය පහසුකම් සැපයීම, ණය ඇප ආවරණ සහ/හෝ පොලී සහනාධාර සැපයීම සහ ණය පරිපූරක සේවා සැපයීම සිදු කරනු ලබයි.
සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ණය සපයන ප්‍රධානතම ණය යෝජනා ක්‍රමය වන්නේ, සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමයයි. නව්‍ය සහ නවෝත්පාදන ව්‍යාපාර වෙත විශේෂ අවදානයක් යොමු කරමින් සහ කාන්තාවන් සහ තරුණ ව්‍යවසායකයන් වෙත විශේෂ අවධානයක් යොමු කරමින් ණය මුදල් සැපයීම අරමුණු කර ගෙන මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ.
ප්‍රධාන ලක්ෂණ:-
උපරිම ණය මුදල : රු. මිලියන 25
ක්‍රියාක්මක වන දිස්ක්‍රික්කය : සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරයි
වාර්ෂික පොලී අනුපාතය : 8%
උපරිම සහන කාලය : මාස 6 (බහු වාර්ෂික බෝග සඳහා පමණක් වසර 1)
උපරිම ආපසු ගෙවුම් කාලය : වසර 5
ණය ලබාදීමේ අරමුණ : ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය, කර්මාන්ත අංශය සහ සේවා අංශය ඉහළ නැංවීම
අරමුදල් මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව
සහභාගිත්ව මූල්‍ය ආයතන : ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, එන්.ඩී.බී. බැංකුව, යූනියන් බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පී.ඒ.බී.සී. බැංකුව, සෙලාන් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, එච්.ඩී.එෆ්.සී. බැංකුව, ඉන්දියානු බැංකුව, හැටන් නැෂනල් බැංකුව
දිළිඳුකම පිටුදැකීම සඳහා වන ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමය - චක්‍රීය අරමුදල (PAMP – RF)
කෘෂිකර්මාන්ත හා ගෘහ කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ.
ප්‍රධාන ලක්ෂණ:-
උපරිම ණය මුදල : රු.50,000.00
ක්‍රියාක්මක වන දිස්ක්‍රික්කය : කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, කෑගල්ල, කුරුණෑගල
වාර්ෂික පොලී අනුපාතය : 12%
උපරිම සහන කාලය : -
උපරිම ආපසු ගෙවුම් කාලය : වසර 03
ණය ලබාදීමේ අරමුණ : කෘෂිකර්මාන්තය, සත්ව පාලනය, ධීවර කර්මාන්තය, කුඩා පරිමාණ ගෘහ කර්මාන්ත ඇතුළු ආදායම් විවිධාංගීකරණය සඳහා වූ ඕනෑම ව්‍යාපෘතියක නිෂ්පාදන ඉහළ නැංවීම
අරමුදල් මූලාශ්‍රය : ජපන් අන්තර්ජාතික සහයෝගිතා සංවිධානය (JICA)
සහභාගිත්ව මූල්‍ය ආයතන : ලංකා බැංකුව, මහජන බැංකුව, සණස සංවර්ධන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව
නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (NCRCS)
සමාජ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන් සඳහා වී ඇතුළුව කෙටිකාලීන ආහාර බෝග (තෝරාගත් බෝග වර්ග 34 ක්) වගා කරවීමේ අරමුණින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනු ලැබේ.
ප්‍රධාන ලක්ෂණ:-
උපරිම ණය මුදල : රු. 500,000.00
ක්‍රියාක්මක වන දිස්ක්‍රික්කය : සියලුම දිස්ත්‍රික්ක ආවරණය කරයි
වාර්ෂික පොලී අනුපාතය : 7%
උපරිම සහන කාලය : -
උපරිම ආපසු ගෙවුම් කාලය: වගා කන්නයේ දින 240 ක කාලයක් ඇතුළත
ණය ලබාදීමේ අරමුණ : අනුමත බෝග වර්ග 33 වගා කිරීම ඉහළ නැංවීම
අරමුදල් මූලාශ්‍රය : ශ්‍රී ලංකා රජය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය
ආර්ථික වර්ධනය වේගවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ණය සහන යෝජනා ක්‍රමය යටතේ දැනට අක්‍රීය ණය කාණ්ඩයෙහි සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට කාරක ප්‍රාග්ධන ණය ලබාදීම සඳහා මෙම ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇත.
මෙම ණය යෝජනා ක්‍රමය මගින් 75% ක ණය ඇප ආවරණයක් ලබාදෙනු ලබයි.
භාගත කිරීම්
නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය (NCRCS) අදාළ කෙටිකාලීන බෝග
අප අමතන්න
අධ්‍යක්ෂ:
සෙනරත් ධර්මවර්ධන මයා - 011 - 2477447
අතිරේක අධ්‍යක්ෂ:
චතුර ආරියදාස මයා - 011 - 2477438
නිහාල් ලියනගේ මයා - 011 - 2398721
නියෝජ්‍ය අධ්‍යක්ෂ:
දිල්හාන් ද සිල්වා මයා - 011 - 2477434
දමයන්ති නවරත්න මිය - 011 - 2477349
ණය යෝජනා ක්‍රමයේ නම |
අදාළ නිලධාරියාගේ නම |
දුරකථන අංකය |
සෞභාග්‍යා ස්වයං රැකියා ප්‍රවර්ධන මුලාරම්භක ණයයෝජනා ක්‍රමය - අදියර II |
ජගත් විජයසුන්දර මයා |
011 - 2477113 |
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන |
විජිත පෙරේරා මයා |
011 - 2477348 |
අත්වැල |
නිලංකා චමින්දනි මිය |
011 - 2477440 |
ස්වශක්ති |
නිලංකා චමින්දනි මිය අනුරුද්ධිකා ගුණතුංග මිය |
011 - 2477440 011 - 2477015 |
දිළිඳුකම පිටුදැකීම සඳහා වන ක්ෂුද්‍ර මුල්‍ය ණය ව්‍යාපෘතිය - චක්‍රීය අරමුදල |
උදේනි ලංසකාර මිය |
011 - 2398748 |
නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය |
කීර්ති දුනුතිලක මයා |
011 - 2477452 |
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය |
අනුරුද්ධිකා ගුණතුංග මිය |
011 - 2477015 |
සෞභාග්‍යා COVID-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය - අදියර I |
විජිත පෙරේරා මයා |
011 - 2477348 |
සෞභාග්‍යා COVID-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය - අදියර II |
විජිත පෙරේරා මයා |
011 - 2477348 |
ණය ඇප ආවරණ සහ පොළී සහන ණය යෝජනා ක්‍රමය |
කීර්ති දුනුතිලක මයා |
011 - 2477452 |