සතිපතා ආර්ථික දර්ශක

සතිපතා ආර්ථික දර්ශකවල මූර්ත, මූල්‍ය, රාජ්‍ය සහ විදේශීය අංශ ආවරණය වන ආර්ථික දත්ත අඩංගු වේ. මෙය ඉහළ සංඛ්‍යාතයකින් යුතු කෙටි කාලීන සංඛ්‍යාන වෙළෙඳපොළට නිකුත් කිරීමේ එක් මූලාශ්‍රයක් වන අතර වෙළෙඳපොළ පරිශීලකයින්ගේ විවිධ අවශ්‍යතා ඉටු කරයි. ආර්ථික උපනතීන් විශ්ලේෂණය කිරීම පිණිස මෙම දත්ත උපයෝගී කර ගත හැක. ව්‍යවසායකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, පර්යේෂකයන් සහ මහජනතාව සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.