ප්‍රාථමික අලෙවිකරුවන්

රජයේ සුරැකුම්පත් සඳහා වන ප්‍රාථමික අලෙවිකරුවන් නියාමන හා අධීක්ෂණ රාමුව දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත හා ලියාපදිංචි කොටස් හා සුරැකුම් ආඥා පනතෙහි සඳහන් වේ. 2016.06.03 දින සිට ප්‍රාථමික අලෙවිකරුවන් අධීක්ෂණය බැංකු නො වන මූල්‍ය ආයතන අධීක්ෂණය මගින් සිදු කරනු ලබයි.

බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් වීමට යෝග්‍ය ආයතන වර්ග දෙකකි.

1. බලපත්‍රලාභී වාණිජ බැංකු

2. ප්‍රාථමික වෙළෙඳ සමාගම්

කාර්යක්ෂම, ස්ථිර හා සුරක්ෂිත ගනුදෙනු ක්‍රමයක් සුරක්ෂිත කිරීම සඳහාත් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ස්ථායිතාව වැඩිදියුණු කිරීම හා ආයෝජකයින් ආරක්ෂා කරනු සඳහාත් ප්‍රාථමික අලෙවිකරුවන් අධීක්ෂණය කරනු ලබයි.

ප්‍රාථමික අලෙවිකරුවන් බලගැන්වීම සහ නියාමනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් පත්කිරීම, විචක්ෂණ මාර්ගෝපදේශ සහ නීතිමය නිර්ණායක නිකුත් කිරීම, ප්‍රාථමික අලෙවිකරුවන් පිළිබඳ පරීක්ෂණය සහ අඛණ්ඩ අවේක්ෂණය, නියාමන ක්‍රියාමාර්ග බලාත්මක කිරීම සහ නීතියට අදාළ ව කටයුතු නො කරන ප්‍රාථමික අලෙවිකරුවන් පත්කිරීම තාවකාලික ව නැවැත්වීම සහ අවලංගු කිරීම ආදිය සිදු කරයි.

ප්‍රාථමික අලෙවිකරුවන් විසින් ගනුදෙනු, නිර්ලේඛිත භාණ්ඩාගාර බැඳුම්කර බවට පත්කිරීම, අවම ප්‍රාග්ධන අවශ්‍යතාව, ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව, විශේෂිත අවදානම් සංචිත, සුරැකුම්පත් ගිණුම් වෙන් කිරීම, භාරකාර සුරැකුම්පත්වල භාරකාරිත්වය දැරීම, වෙළෙඳපොළ මිල තක්සේරු කිරීම, ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම්, ඉදිරි වෙළෙඳපොළ අනුපාතික ගිවිසුම්, පොලී අනුපාතික හුවමාරු, මූල්‍ය වාර්තා, ලාභාංශ ප්‍රකාශයට පත්කිරීම සහ විවිධාංගීකරණය සඳහා ප්‍රධාන රෙගුලාසි හා නියාමන නිකුත් කරයි.

ප්‍රාථමික අලෙවිකරුවන් එකිනෙකා මුණගැසී කරනු ලබන සාකච්ඡා හා විධිමත් රැස්වීම් මගින් අවශ්‍ය අවස්ථාවලදී ගතයුතු පියවර ආදිය පිළිබඳව අදහස් හුවමාරු කර ගනී.  ඊට අමතරව මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීමෙහිලා ප්‍රාථමික අලෙවිකරුවන්ට මනා පරිචයක් ලබාදෙනු වස් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා ආචාර ධර්ම පද්ධතියක් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් ලේඛනය