විනිමය අනුපාත

එ.ජ.ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය සෙවීම

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී/ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023.03.03 වන දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්වලට අනුකූලව එක්සත් ජනපද ඩොලර්/ශ්‍රී ලංකා රුපියල් මධ්‍ය එතැන් විනිමය අනුපාතිකය සහ විචල්‍ය ආන්තිකය ප්‍රකාශයට පත් කිරීම 2023.03.07 වන දින සිට අත්හිටුවන ලදී.

දෛනික නිරූපිත විනිමය අනුපාත සෙවීම

ව්‍යාපාර දිනය ආරම්භයේ දී එ. ජ. ඩොලරයට සාපේක්ෂව ජගත් ව්‍යවහාර මුදල් ඒකක සඳහා වූ නිරූපිත අනුපාත සහ එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (එ. ජ. ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල්) පදනම් කරගනිමින් ව්‍යුත්පන්න කරනු ලැබූ නිරූපිත විනිමය අනුපාත වේ.

දෛනික ගැනුම් හා විකුණුම් අනුපාත සෙවීම (විදුලි පැවරුම්)

විදුලි පැවරුම් විනිමය අනුපාතයන් යනු ශ්‍රී ලංකාවේ තෝරා ගන්නා ලද බලපත්‍රලාභී බැංකු විසින් එදින පෙරවරු 9.30ට ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක නවයක් සඳහා ඉදිරිපත් කරන ලද විදුලි පැවරුම් ගැනුම් හා විකුණුම් විනිමය අනුපාතයන් වෙන් වෙන් ව ගෙන ගණනය කරන ලද සාමාන්‍ය අගයන් වේ. (බලපත්‍රලාභී බැංකු විසින් සපයන ලද මෙම විනිමය අනුපාත දිනයෙහි ආරම්භක සාමාන්‍ය අනුපාත වන අතර දිනය තුළ දී වෙළෙඳපොළ විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදු විය හැක.)

ඇමරිකානු ඩොලර්

ඇ .ඩො/රු නිරූපිත විනිමය අනුපාතය

බ්‍රිතාන්‍ය පවුම්

බ්‍රි.ප/රු නිරූපිත විනිමය අනුපාතය

යුරෝ

යුරෝ/රු නිරූපිත විනිමය අනුපාතය

යෙන්

යෙන්/රු නිරූපිත විනිමය අනුපාතය

යුවාන්

යුවාන්/රු නිරූපිත විනිමය අනුපාතය

ඕස්ට්‍රෙලියානු ඩොලර්

ඕ.ඩො./රු නිරූපිත විනිමය අනුපාතය

දෛනික රන් මිල

දිනය ආරම්භයේ දී ට්‍රෝයි අවුන්ස එකක් සදහා රත්‍රන් මිලෙහි එ.ජ. ඩොලර් අගය සහ එ.ජ.ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (එ.ජ. ඩොලරයකට ශ්‍රී ලංකා රුපියල්) පදනම් කරගනිමින් රත්‍රන් මිල ව්‍යුත්පන්න කරනු ලැබේ.