Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගෙවීම් යෙදුම් පිළිබඳව දැනුම්වත් කිරීමේ සහ බඳවා ගැනීමේ සැසියක් පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුල 2020 වර්ෂය ඩිජිටල් ගනුදෙනු වර්ෂය ලෙස නම් කර ඇත. මෙම මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු, අනෙකුත් මූල්‍ය ආයතන සහ ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් දැනටමත් හඳුන්වා දී ඇති ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීමය. ජංගම දුරකතන මගින් ගෙවීම් කටයුතු සිදු කිරීමේ ප්‍රවනතාවයක් ඇති කිරීම මෙහි ඇති වැදගත් සාධකයකි. තාක්ෂණික වශයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා මෙම මෙහෙවර උපකාරී වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාස කරන අතර එම නිසා ඩිජිටල් ගෙවීම් ක්‍රමවේද පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් විවිධ පියවර ගෙන ඇත.

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා ණය සහන ලබාදීම

රජය විසින් දැනටමත් නිවේදනය කර ඇති සහන සහ දිරිගැන්වීම් වලට අනුපූරක ලෙස, සුදුසුකම් ලත් සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ගැණුම්කරුවන් සඳහා විශේෂ ණය සහන යෝජනා ක්‍රමයක් ලබාදීමට බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල (මින් ඉදිරියට බලපත්‍රලාභී බැංකු ලෙස හැඳින්වේ) එකඟවී ඇත.

ඒ අනුව, මෙම යෝජනා ක්‍රමය සියලුම බලපත්‍රලාභී බැංකු අතර ඒකාකාරී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා මාර්ගෝපදේශයන් ඇතුලත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. බැංකුවලට නිකුත් කර ඇති චක්‍රලේඛයට පහත පරිදි පිවිසිය හැකි අතර, යෝජනා ක්‍රමයෙහි ප්‍රධාන ලක්ෂණ පහත දක්වා ඇත.

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සිය සංචාරය අවසන් කරයි

නව රජයේ ප්‍රධානීන් හමුවීම සහ එහි ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2020 ජනවාරි 29 - පෙබරවාරි 07 කාලය තුළදී කොළඹට පැමිණි අතර, සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී.

“මෑතකාලීන ආර්ථික ප්‍රවණතා සහ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර ඵලදායී සාකච්ඡාවන් පැවැත්වුණි. රටෙහි ඉහළ රාජ්‍ය ණය මට්ටම සහ ප්‍රතිමූල්‍යන අවශ්‍යතා හමුවේ සාර්ව ආර්ථික ස්ථායීතාව සහතික කිරීම සඳහා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය, විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සංචිත ගොඩනැංවීම සඳහා වන තිරසාර ප්‍රයත්නයන් අවශ්‍ය වේ. රටෙහි වර්ධන විභවතාවය සහ සර්ව සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ ඉතා තීරණාත්මක වේ.

කො.පා.මි.ද. මත පදනම් වූ උද්ධමනය 2020 ජනවාරි මාසයේ දී ඉහළ යයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100)   ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 5.7 දක්වා ඉහළ යන ලදී. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය 2019 දෙසැම්බර් මාසයේ දී පැවති සියයට 6.3හි සිට 2020 ජනවාරි මාසයේ දී මාස 25කින් වාර්තා වූ ඉහළම අගය වන සියයට 12.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 2.9ක් ලෙස වාර්තා විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 දෙසැම්බර් මාසයේ පැවති සියයට 4.3හි සිට 2020 ජනවාරි මාසයේ දී සියයට 4.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය. 

Pages