Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය - 2026 ජූනි

විදේශීය අංශය කෙරෙහි මැද පෙරදිග සිදුවීම්වල බලපෑම අඛණ්ඩව පිළිබිඹු කරමින් 2026 වසරේ ජූනි මාසයේ දී මාසික ජංගම ගිණුමේ හිඟයක් වාර්තා විය. 

2026 ජුනි මාසයේ දී ඉදිකිරීම් කටයුතුවල ඉහළ යෑමක් වාර්තා විය

ඉදිකිරීම් කටයුතුවල තවදුරටත් වර්ධනයක් පිළිබිඹු කරමින්, ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය, 2026 ජුනි මාසයේ දී දර්ශකාංක 60.0ක අගයක් වාර්තා කළේය. පසුගිය මාසවල දී ප්‍රදානය කරන ලද ඉදිකිරීම් ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මේ සඳහා හේතු වූ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගනී

මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ පැවති සිය රැස්වීමේ දී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8.75%ක් ලෙස දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළේය. වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹිණි.

මැදපෙරදිග කලාපයේ යළිත් වර්ධනය වී ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳ භාණ්ඩ මිල ගණන්, විශේෂයෙන් ඛනිජතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මෙම ප්‍රවණතා හේතුවෙන් ගෝලීය ආර්ථික ඉදිරි දැක්ම මන්දගාමී වීමට ඉඩ ඇති අතර, එමගින් ආකාර කිහිපයක් ඔස්සේ දේශීය ආර්ථිකයට ද බලපෑම් එල්ල විය හැකිය.

2025 ඔක්තෝබර් මස සිට 2026 මාර්තු මස දක්වා වූ කාලපරිච්ජේදය තුළ මූල්‍ය බුද්ධි ඒකකය විසින් වාර්තාකරණ ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පැනවීම

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19(1) සහ 19(2) වගන්ති මඟින් පැවරී ඇති බලතල අනුව එම පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වන ආයතන සඳහා පරිපාලනමය දණ්ඩන පනවනු ලැබේ. අදාල අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2026 ජුනි

2026 ජුනි මාසයේ දී ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2026 ජුනි මාසයේ දී 53.0ක අගයක් වාර්තා කළේය. මැයි මාසයට සාපේක්ෂව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඩු වේගයකින් වුව ද සිදු වූ අඛණ්ඩ වර්ධනය මෙමගින් පෙන්නුම් කරයි.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කිරීම

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යාමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු වශයෙන් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම, 2026 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

Pages