ශ්‍රී ලංකා මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජා. මූ. අරමුදල) සමඟ එක්ව, 2025 ජුනි 16 වන දින කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේ දී "ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම: ණය සහ යහපත් පාලනය" යන මැයෙන් ඉහළ මට්ටමේ සමුළුවක් පැවැත්වූයේය. ජා. මූ. අරමුදල මගින් සහාය දක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා මෙම අවස්ථාවට ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, ගෝලීය පාර්ශ්වකරුවන් මෙන්ම පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් එක්වූහ.
සමුළුව ආරම්භ කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පිළිගැනීමේ දේශනය පවත්වනු ලැබීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මහතා විසින් ආරම්භක දේශනය පවත්වන ලදී. ජා. මූ. අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය මෙම සමුළුවේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ජා. මූ. අරමුදල නියෝජනය කරමින් ආරම්භක දේශනය පැවැත්වුවාය.