ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2016' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයේ දළ දේශීය නිෂ්පාදිතය, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය බැංකු, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය හා විදුලි සංදේශ සේවා, ජනගහනය සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් සොයා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ තොරතුරු ද මෙහි ඇතුළත් කර ඇත. තව ද, මූලික ආර්ථික විචල්‍යයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද පළාත් මට්ටමින් මෙම ප්‍රකාශනයේ ඇතුළත් වේ. දත්ත විශ්ලේෂණය කරන්නන්ගේ විවිධ අවශ්‍යතාවලට ගැලපෙන අන්දමින් විවිධ අනුඛණ්ඩ යටතේ කාලශ්‍රේණි/හරස් අංශ දත්ත වශයෙන් මෙම ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇත.















Mr Anthony Nihal Fonseka has been appointed by His Excellency the President as a Member of the Monetary Board of the Central Bank of Sri Lanka with effect from July 27, 2016 in terms of Section 8(2)(c) of the Monetary Law Act.