ඉල්ලුමෙන් ඇදුණු උද්ධමනකාරී පීඩන ආර්ථිකය තුළ ඉස්මතු වීම පිළිබිඹු කරමින් මූලික හා මතුපිට උද්ධමන අනුපාතික ඉහළ යෑමේ ප්‍රවණතාව තවදුරටත් පැවැතුණි. අහිතකර කාලගුණික තත්ත්ව හේතුවෙන් සැපයුම් අංශයේ සිදු වූ අඩාල වීම් හා රජය විසින් බදු ව්‍යුහයේ සිදු කරන ලද වෙනස්කම් ද පසුගිය මාස දෙක තුළ උද්ධමනය ඉහළ යෑම සඳහා හේතු වී ඇත. මේ අතර දැනට පවතින දර්ශකවලට අනුව මූර්ත අංශයේ ආර්ථික ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් තෙරේ. විශේෂයෙන් ම බලශක්ති උත්පාදනය, සංචාරක හා වරාය ආශ්‍රිත සේවා, ඉදිකිරීම්, ආයෝජන භාණ්ඩ ආනයනය මෙන් ම නිෂ්පාදන හා සේවා අංශ සඳහා වන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක (Purchasing Managers' Index - PMI) පසුගිය මාස කිහිපය තුළ වර්ධනයක් පෙන්නුම් කර ඇත.














