නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 ජනවාරි මාසයේ දී 56.2ක අගයක් වාර්තා කරමින් 2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 2.1කින් පහළ යන ලදී. මෙම මන්දගාමීත්වය සඳහා නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකයන්ගෙන් පිළිබිඹු වූ ආකාරයට, උත්සව සමයෙන් පසු ව 2017 වසර සඳහා ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම ප්‍රධාන වශයෙන් හේතු විය. ඉදිරියේ දී ඇති විය හැකි තොග පමාවීම් සඳහා පූර්වෝපායයක් ලෙස ගැනුම් තොග එක් රැස් කිරීම හේතුවෙන් ගැනුම් තොග දර්ශකය ජනවාරි මාසයේ දී ඉහළ යන ලදී. එ මෙන් ම, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ද ඉහළ යන ලදී. මේ අතර, සේවා නියුක්ති උප දර්ශකය ද පසුගිය මාසයට සාපේක්ෂ ව ඉහළ යන ලදී. මෙහි දී සියළු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0 ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. මේ අතර, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂාවන් ද යහපත් වර්ධනයක් පෙන්නුම් කරන ලදී.















