2017 ජූලි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

අපනයන ඉහළ යෑම හා මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශීය අංශය අඛණ්ඩ ව වර්ධනය විය. කෙ සේ වුව ද, 2017 ජූලි මාසයේ දී අපනයන ආදායම වැඩි වුව ද, ආනයන වියදම වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් වෙළෙඳ හිඟය 2016 වසරේ අනුරූප මාසයට සාපේක්ෂ ව පුළුල් විය. 2017 ජූලි මාසයේ දී සංචාරක ඉපැයීම් සුළු වශයෙන් අඩු වූ අතර පසු ගිය මාස හතර පුරා පැවැති අඩු වීමේ ප්‍රවණතාව වෙනස් කරමින් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ඉහළ ගියේ ය. රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ ශුද්ධ ලැබීම්, රජය වෙත ලැබුණු දිගු කාලීන ණය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ තුන් වන වාරිකය ලැබීම මෙන් ම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ආයෝජන සමඟ මූල්‍ය ගිණුම වෙත වූ ලැබීම් තවදුරටත් ශක්තිමත් විය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, September 28, 2017