2017 අගෝස්තු මස උද්ධමනය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ පැවැති සියයට 6.3ට සාපේක්ෂ ව 2017 අගෝස්තු මාසයේ දී සියයට 7.9ක් දක්වා ඉහළ ගියේ ය. 2017 අගෝස්තු මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන් ම ආහාර නො වන කාණ්ඩය ද දායක විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.2 හි සිට 2017 අගෝස්තු මාසයේ දී සියයට 6.5 දක්වා ඉහළ ගියේ ය.

මාසික වෙනස්වීම සැලකූ විට, ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 ජූලි මාසයේ වාර්තා වූ දර්ශක අංක 122.4 හි සිට 2017 අගෝස්තු මාසයේ දී දර්ශක අංක 122.3 දක්වා පහ‍ළ ගියේ ය. ආහාර කාණ්ඩයට අයත් අයිතමයන්හි මිල ගණන් පහළ යෑම මෙම මාසික පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර කාණ්ඩය තුළ එළවළු, රතු ළුෑණු, සුදු ළුෑණු, මාළු සහ සහල් මිල ගණන් මාසය තුළ දී පහළ ගියේ ය. මේ අතර ලොකු ළුෑණු, ඇතැම් පලතුරු වර්ග, පොල් සහ අර්තාපල්වල මිල ගණන් ඉහළ ගියේ ය. රෙදිපි‍‍ළි හා පාවහන්‍; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු; සෞඛ්‍ය (පුද්ගලික රෝහල් කාමර ගාස්තු); ප්‍රවාහන‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ (ගුවන් සේවා ගාස්තු); අධ්‍යාපන (වෘත්තීය අධ්‍යාපන පාඨමාලා ගාස්තු) සහ විවිධ භාණ්ඩ හා සේවා උප කාණ්ඩයන්හි මිල ගණන් ඉහළ ගියේ ය. මේ අතර 2017 අගෝස්තු මාසයේ දී  නිවාස‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන සහ  සන්නිවේදන උප කාණ්ඩවල මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගියේ ය. මධ්‍යසාර පාන සහ දුම්කොළ (පුවක්) උපකාණ්ඩයේ ඇතුළත් අයිතමවල මිල ගණන් ද 2017 අගෝස්තු මාසය තුළ දී ඉහළ ගියේ ය. මේ අතර විනෝදාත්මක හා සංස්කෘතික;  සහ ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයන්හි මිල ගණන් මාසය තුළ දී නො වෙනස් ව පැවතුණි.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පැවති සියයට 4.2 හි සිට 2017 අගෝස්තු මාසයේ දී සියයට 4.8 දක්වා ඉහළ ගියේ ය. වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 5.9 හි සිට 2017 අගෝස්තු මාසයේ දී සියයට 5.8 දක්වා පහළ ගියේ ය. 

සම්පූර්ණ ලිපිය

Published Date: 

Thursday, September 21, 2017