වෙළෙඳ හිඟය අඩු වීම සහ සංචාරක ඉපැයීම්වල අඛණ්ඩ ඉහළ යෑමත් සමඟ 2016 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය වර්ධනය විය. අපනයන ආදායම ඉහළ යෑම සමඟ ම ආනයන වියදම පහළ යෑම හේතුවෙන් සැප්තැම්බර් මාසය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද, 2015 සැප්තැම්බර් මාසයට සාපේක්ෂ් ව 2016 සැප්තැම්බර් මාසය තුළ දී සංචාරක ඉපැයීම් වර්ධනය විය. තව ද, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ විදේශීය අයෝජන සහ රජය වෙත වූ දිගු කාලීන ණය ලැබීම් 2016 සැප්තැම්බර් මාසය තුළ මූල්‍ය ගිණුම ශක්තිමත් කිරීම සඳහා දායක විය.















ශ්‍රී ලංකා මහ බැංකුවේ නව වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2016 වසරේ දෙසැම්බර් මස 2 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්තුණ ශාලාවේ දී පැවැත් වී ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව කාලීන තේමා ඔස්සේ පර්යේෂණ කිරීම දිරිගැන්වීම අරමුණු කර ගත්ත ද මහ බැංකු, මුදල් අධිකාරීන්, විශ්වවිද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතනවල පර්යේෂකයන් හට මහ බැංකු කටයුතු සහ සාර්ව ආර්ථික කළමනාකරණය පිළිබඳ මෑතකාලීන සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පර්යේෂණ ඉදිරිපත් කිරීම සඳහා ද සංසදයක් සකස් කරනු ලබයි. ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2008 වසරේ ආරම්භක සමුළුවේ සිට ලොව නන් දෙසින් විද්‍යාර්ථීන් ආකර්ෂණය කරනු ලබන සමුළුවක් වී ඇති අතර කීර්තිමත් මහ බැංකුකරුවන්, විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් එහි ප්‍රධාන දේශන පවත්වා ඇත. 