2017 අගෝස්තු මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2017 වසරේ අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කළේ ය. අපනයන ආදායම වර්ධනය වුව ද, ආනයන වියදම වැඩි වේගයකින් ඉහළ යෑම හේතුවෙන් 2017 අගෝස්තු මාසයේ දී වෙළඳ හිඟය පුළුල් විය. 2017 අගෝස්තු මාසයේ දී සංචාරක ඉපැයීම් ඉහළ ගිය ද, පුළුල් වූ වෙළඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ද අඩු වීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ ක්‍රියාකාරිත්වය දුර්වල විය. කෙ සේ වෙතත්, විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමට (Foreign Currency Term Financing Facility) අදාළ දෙවන වාරිකය රජය වෙත ලැබීම මෙන් ම කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගි‍ණුම සවිමත් විය.  

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, October 17, 2017