Global Capital Markets සඟරාව දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කරයි

ජනප‍්‍ර‍්‍රිය ප‍්‍ර‍්‍රකාශන ආයතනයක්  GlobalCapital   විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි නම් කර ඇති බව ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුව සතුටින් නිවේදනය කරයි. ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාර හා සමගාමී ව 2017 ඔක්තෝබර් 14 වන දා වොෂින්ටනයේ දී පැවැත්වූ GlobalCapital Markets සම්මාන ප‍්‍ර‍්‍රදානෝත්සවයේ දී මෙම සම්මානය ප‍්‍ර‍්‍රදානය කර තිබේ.  GlobalCapital යනු ජාත්‍යන්තර ප‍්‍ර‍්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් සහ ආයතන සඳහා ප‍්‍රවෘත්ති, උපදෙස් සහ දත්ත ලබා දෙන සේවාවකි.

(බලන්න  http;//www.globalcapital.com/about-global-capital )

“මහ බැංකුකරණය වෙත නිවුණු, සන්සුන්, සාමූහික ප‍්‍ර‍්‍රවේශයක්“ යන මාතෘකාව යටතේ GlobalCapital වෙබ් අඩවියේ 2017 ඔක්තෝබර් 13 වන දා ලිපියක් පළ කරන එලියට් විල්සන් සිය ලිපිය ආරම්භ කරමින් “දකුණු ආසියාව යනු උසස් හැකියාවන්ගෙන් යුත් මහ බැංකු ප‍්‍ර‍්‍රධානීන් රැසකගෙන් සමන්විත කලාපයක් නමුදු මෑත අතීතයේ දී සිය වෘත්තීයමයභාවය නො මසුරු ව ප‍්‍ර‍්‍රකට කරමින් රළු දියඹ තරණය කරන ශූර යාත‍්‍ර‍්‍රිකයකු සේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ තම රට ඉදිරියට රැගෙන යෑමට කටයුතු කළ ආචාර්ය කුමාරස්වාමි මෙම සම්මානය සඳහා අත්‍යන්තයෙන් ම සුදුසු වන බව“ පවසයි.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න:

http://www.globalcapital.com/article/b1543cx35rxp17/central-bank-governo...

 

 

 

 

 

 

Published Date: 

Monday, October 16, 2017