ආචාර්ය රවී රත්නායක

ආචාර්ය රවී රත්නායක එක්සත් ජාතීන්ගේ ආසියානු සහ ශාන්තිකර කලාපය සඳහා වන ආර්ථික සහ සාමාජීය කොමිෂන් සභාවේ (ESCAP) ප්‍රධාන අර්ථශාස්තඥයෙකු මෙන් ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳ සහ ආයෝජන කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂවරයෙකු ද විය. ආචාර්ය රත්නායක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙළෙඳාම පිළිබඳ ආසියානු ශාන්තිකර පර්යේෂණ සහ පුහුණුකරණ ජාලය (ARTNeT), ආසියානු ශාන්තිකර ව්‍යාපාර සංසදය (APBF), ආසියානු-ශාන්තිකර තිරසර සංවර්ධන ජාලය, නිර්ලේඛන වෙළෙඳාමේ විශේෂඥයන් පිළිබඳ ආසියානු - ශාන්තිකර විශේෂඥ ජාලය (UN NExT) ඇතුළුව කලාපිය සහයෝගිතා යාන්ත්‍රණ ගණනාවක් දියත් කර ඇති අතර,ආසියානු ශාන්තිකර වෙළෙඳාම සහ එකඟතාව (APTA) යළි නඟාසිටුවීමට සාමාජික රටවලට සහාය ලබා දුණි. ඒ මහතා සහශ්‍ර සංවර්ධන ඉලක්ක, ආයතනික සමාජීය වගකීම (CSR), තිරසර සංවර්ධනය, වෙළෙඳාම,ආයෝජනය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සම්බන්ධයෙන් ප්‍රචලිත ප්‍රකාශන සහ ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධීකරණය සහ අධීක්ෂණය සිදු කළේය. ආචාර්ය රත්නායක ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර සංවර්ධනය සහ කෘෂිකර්ම සංවිධානය සඳහා වන එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයන්හි ද උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. තවද, ඔහු 2016 සිට 2018 දක්වා ශ්‍රී ලංකාව ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල් ගණනාවක උපදේශකවරයෙකු ලෙස කටයුතු කර ඇත. ජාතීන් අතර විෂමතා අවම කිරීමේ අරමුණින් පිහිටුවා ඇති Bridging the Gap පදනමෙහි (BGF) මහ ලේකම් ලෙස ඒ මහතා අධ්‍යාපනය, හරිත සංවර්ධනය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන ක්ෂේත්‍රයන්හි ආයතනික සමාජීය වගකීම් ව්‍යාපෘති ගණනාවක් දියුණු කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වීමට ප්‍රථම, 1980 මුල් භාගයේ දී, ආචාර්ය රත්නායක ශ්‍රී ලංකා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ සේවය කළ අතර, තීරුබදු සහ වෙළෙඳාම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ පර්යේෂණ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළේය. ඔහු 1991 සිට 1999 දක්වා කාලයේ දී නවසීලන්තයේ ඕක්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඔහු සංවර්ධනය සහ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව ආශ්‍රිත ගැටලු පිළිබඳ ඉගැන්වීමේ හා පර්යේෂණය කිරීමේ දී ප්‍රායෝගික හා ශාස්ත්‍රීය යන දෙඅංශයෙන් ම වසර 40කට අධික අත්දැකීම් සතු අර්ථශාස්ත්‍රඥයෙකු වන අතර, නිර්දේශිත සඟරා ලිපි, ග්‍රන්ථ හා පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ප්‍රකාශයට පත්කිරීම මෙන්ම සුවිශාල ප්‍රකාශන සංඛ්‍යාවක් අධීක්ෂණය සහ සකස් කිරීම ද සිදු කර ඇත.