ආචාර්ය ප්‍රියංග දුනුසිංහ

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු වන ආචාර්ය ප්‍රියංග දුනුසිංහ එම විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානී ලෙස ද කටයුතු කරයි. ආර්ථිකමිතිය, සංඛ්‍යානය, ප්‍රමාණාත්මක ශිල්පක්‍රම, මූල්‍ය ආයතන, සංවර්ධන ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර වෙළෙඳාම හා මූල්‍යය යන විෂයයන්හි ඉගැන්වීම්, පර්යේෂණ, පුහුණු කිරීම් සහ උපදේශක සේවා සැපයීමේ වසර 20ක පමණ අත්දැකීම් සහිත ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වන්නේ කෘෂිකර්මය, මූල්‍ය වෙළෙඳපොළ, දරිද්‍රතාව, ශ්‍රමය, රාජ්‍ය ණය, අධ්‍යාපනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම හා ආයෝජනය යි. ආචාර්ය දුනුසිංහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, ලෝක බැංකුව, යුරෝපීය සංගමය, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව, ශ්‍රී  ලංකා රජයේ මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යන ආයතනවල උපදේශකයෙකු වශයෙන් ද සේවය කර ඇත. ඒ මහතා ප්‍රකට විවිධ සඟරාවන්හි පර්යේෂණ ලිපි කිහිපයක් පළ කර ඇති අතර, පර්යේෂණ සම්මාන ගණනාවක් දිනා ඇත. එමෙන්ම, ඔහු මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය යන දෙඅංශයෙහි ම නිත්‍ය  සම්පත් දායකයෙකි.