විශ් ගෝවින්දසාමි 

විශ් ගෝවින්දසාමි මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ හාර්ට්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයකු වන අතර විද්‍යාවේදී (විද්‍යුත් ඉන්ජිනේරු)  උපාධිධරයකු ද වේ. ඔහු වර්තමානයේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ශ්‍රී ලංකාවේ හොඳම ලැයිස්තුගත සමාගම් 50 අතරින් එකක් වන සන්ශයින් හෝල්ඩින්ග්ස් පොදු සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරයි. ඔහු ශ්‍රී ලංකා සහතිකලත් වෘත්තීය කළමනාකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකු වන අතර, ලංකා වාණිජ මණ්ඩලයේ සහ ලංකා සේවායෝජක සන්ධානයේ හිටපු සභාපතිවරයා වේ. 

ඔහු සන්ශයින් හෝල්ඩින්ග් සමාගමේ වත්මන් ධුරයේ කටයුතු කිරීමට පෙර, ටාටා ඉන්දියා සමඟ හවුල්කාරීත්වයෙන් යුත් විවිධාංගීකරණය කළ වැවිලි කළමනාකරණ සමාගමක් වන වටවල වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් සේවය කළේය. රජයට හිමි වැවිලි සමාගමක් වූ වටවල සමාගම පෞද්ගලීකරණයෙන් අනතුරුව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතර ඉහළම ප්‍රාග්ධනිත ප්‍රාදේශීය වැවිලි සමාගම දක්වා සාර්ථක ව පරිවර්තනය කිරීමෙහි දී සාධනීය කාර්යභාරයක් ඉටු කිරීම සම්බන්ධයෙන් ඒ මහතා මහත් පැසසුමට ලක්විය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළෙහි තේ සන්නාමයන් වන සෙස්ටා, වටවල සහ රන්කහට වැනි සන්නාම බිහි කිරීමේ ගෞරවය ද ඔහුට හිමි විය. ඉන්දියාවේ ටාටා සමාගම ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ආයතන කිහිපයක ම අධ්‍යක්ෂ මණ්ඩල කිහිපයකට ම ගෝවින්දසාමි මහතා පත් කර ඇත.