“අත් බෑග් මැසීමේ පුහුණු පාඨමාලාව“

ශ්‍රි ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශිය කාර්යාලය විසින් අම්පාර ප්‍රදේශයේ තෝරාගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද " අත් බෑග් මැසීමේ පුහුණු පාඨමාලාව" 2019 ඔක්තොම්බර් මස 12 සහ 13 යන දෙදින අම්පාර, ප්‍රජා ශාලාවේදී සාර්ථකව පැවැත්විණි. මෙම  වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින් 62 ක් පමණ සහභාගි විය.