'අලෙවිකරණය, ගිණුම්කරණය සහ පොත් තැබීම' වැඩසටහන

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් අම්පාර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද 'අලෙවිකරණය, ගිණුම්කරණය සහ පොත් තැබීම' වැඩසටහන 2018 අගෝස්තු මස 29 සහ 30 දිනයන්හි අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේ සහ පානම මධ්‍ය මහා විද්‍යාලයේ දී සාර්ථක ව පැවැත්විණි.