පාසල් නිල ඇඳුම් මැසීමේ පුහුණු පාඨමාලාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ ත්‍රිකුණාමලය ප්‍රාදේශීය කාර්යාලය විසින් ත්‍රිකුණාමලය කන්තලේ ප්‍රදේශයේ තෝරා ගත් කාන්තා ව්‍යවසායකයින් සඳහා සංවිධානය කරන ලද පාසල් නිල ඇඳුම් මැසීමේ පුහුණු පාඨමාලාව 2019 ජනවාරි 29 වැනි දින කන්තලේ ග්‍රීන් වුමන් සංවිධාන පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම වැඩසටහන සඳහා කාන්තා ව්‍යවසායකයින්  32 දෙනෙකු පමණ සහභාගී වූ අතර සම්පත් දායකත්වය සපයන ලද්දේ පුහුණු උපදේශිකා මූර්ති යශෝතිනි මහත්මිය විසිනි.