Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ණය සැපයීම් යොමු කරවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ගත් පියවර

මූල්‍ය අංශය හරහා මුදල් ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය කඩිනම් කිරීමේ අපේක්ෂාව පෙරදැරිව,  2019 අප්‍රේල් 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන විසින් තැන්පතු සඳහා ලබා දෙනු ලබන පොලී අනුපාත පහත දමන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉල්ලීමක් කරන ලදී. එමගින් බලපත්‍රලාභී බැංකු විසින් විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට හා පොදුවේ ණය ලබා දීමේදී අය කරන පොලී අනුපාත පහත හෙලනු ඇතැයිද මූර්ත ආර්ථිකය වෙත ණය ප්‍රවාහ ඉහළ නැංවීමට හැකිවෙතැයි ද අපේක්ෂා කෙරිණි.

ඒ අනුව  බලපත්‍රලාභී බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ඉතිරි කිරීමේ සහ මාස 3 ට අඩු අනෙකුත් තැන්පතු සඳහා ලබා දෙන පොලී අනුපාත නිත්‍ය  තැන්පතු පහසුකම් අනුපාතය ( SDFR) මත පදනම් වන අතර එයට වඩා වැඩි කාලසීමාවකින් යුතු තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාත දින 364 භාණ්ඩාගාර බිල්පත් අනුපාතය මත පදනම් වේ.

2019 මැයි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළඳ හිඟයේ පහළ යෑම හේතුවෙන් 2019 වසරේ මැයි මාසයේදී විදේශීය අංශය සාපේක්ෂ වශයෙන්  ස්ථාවරව  පැවතුණි. 

වෙළඳ හිඟය 2018 වසරේ මැයි මාසයේදී පැවති එ.ජ. ඩොලර් මිලියන 933 සිට 2019 වසරේ මැයි මාසයේදී එ.ජ. ඩොලර් මිලියන 823 ක් දක්වා අඩු විය.

2019 වසරේ මැයි මාසයේදී වෙළඳ හිඟයේ සැලකිය යුතු පහළ යෑම සඳහා ආනයන වියදම පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 3.9 කින් පහළ යෑම සහ අපනයන ඉපැයීම් පෙර වසරේ අනුරූප මාසයට සාපේක්ෂව සියයට 4.0 කින් ඉහළ යෑම  හේතු විය. 

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ජූනි

2019 ජුනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 මැයි මාසයට සාපේක්ෂව දර්ශකාංක 3.2කින් ඉහළ යමින් 2019 ජුනි මාසයේ දර්ශක අගය 53.9 ක් ලෙස වාර්තා කරන ලදී. පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු දක්නට ලැබුණු සේවා නියුක්තියේ අඩු වීම නැවත යථා තත්වයට පත් වෙමින්, විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි සේවා නියුක්තිය ඉහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්හි සිදුවූ ඉහළ යාම ද 2019 ජුනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් වර්ධනය වීම සඳහා දායක විය. පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු බාධා පැමිණ තිබූ ආර්ථික ක්‍රියාකාරකම් නැවත යථා තත්වයට පත්වීම නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් වල සිදුවූ වර්ධනයට ඉවහල් වූ බව නිෂ්පාදන අංශයෙහි බොහෝමයකගේ ප්‍රතිචාරය විය.

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2019 අංක 4

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ජූලි මස 11 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 ක් ලෙස දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මැදිකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කරයි

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යාමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අත්හිටුවීම 2019 ජූලි මස 05 වැනි දින ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාල සීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කරන ලදී.

 

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය - එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වෙළඳපොල වෙත නැවත පැමිණීම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ("ශ්‍රී ලංකාව") වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වසර 5 ක පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක හා වසර 10ක (දිගු) පරිණත කාලයකින් යුත් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5ක ප්‍රමුඛ සුරැකුම් රහිත ස්ථාවර අනුපාත බැඳුම්කර (බැඳුම්කර) දෙකක්, පිළිවෙළින් 2024 මාර්තු 28 සහ 2030 මාර්තු 28 යන කල් පිරීම් දින සහිතව 2019 ජුනි 24 වන දින නිකුත් කරන ලදී. මෙම බැඳුම්කර සඳහා මූඩීස් ඉන්වෙස්ටර් සර්විස් (Moody’s Investor Service), ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (Standard and Poor’s) සහ ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) යන ආයතන මගින් පිළිවෙළින් ‘B2’, ‘B’ සහ ‘B’ යන ශ්‍රේණිගත කිරීම් ලබා දෙන ලදී.

Pages

නිවේදන