ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 අප්‍රේල්

2019 මාර්තු මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 25.9කින් පහළ යමින් මෙතෙක් වාර්තා කළ පහළ ම දර්ශක අගය වූ 41.0ක් වාර්තා කරමින් 2019 අප්‍රේල් මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් පහළ යන ලදී. විශේෂයෙන් ම ආහාර හා පාන වර්ග සහ  රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල සිදු වූ සැලකිය යුතු අඩු වීම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ  මෙම පහළ යෑමට හේතු විය. අප්‍රේල් මාසයේ දී පැවති අලුත් අවුරුදු නිවාඩුව සහ පාස්කු ඉරිදා දින සිදු වූ ප්‍රහාරයෙන් පසු රටේ පැවති ආරක්ෂක වැඩ පිළිවෙළ කර්මාන්ත ශාලාවන්හි සුමට ක්‍රියාකාරීත්වය කෙරෙහි අහිතකර ලෙස බලපාන ලදී. මේ හේතුවෙන්, කර්මාන්ත ශාලාවන්හි රාජකාරී වේලාවන් සීමා කිරීමට සිදුවීම, අපේක්ෂිත  නිෂ්පාදන මට්ටම් ළඟා කර ගැනීමට නො හැකි වීමට හේතු වූ බව රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයේ බොහෝමයකගේ ප්‍රතිචාරය විය.

සම්පුර්ණ ලිපිය

 

Published Date: 

Wednesday, May 15, 2019