Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

2019 ඔක්තෝබර් මාසයේ දී උද්ධමනය ඉහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 5.0 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා ඉහළ ගිය අතර ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.9 හි සිට 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.3 දක්වා ඉහළ ගියේ ය. කෙසේ වුව ද, 2019 මැයි මාසයේ සිට පහළ යන උපනතියක් පෙන්නුම් කළ ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.3ක අගයක් වාර්තා කළේ ය. 

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් ප්‍රවේශම් වන්න - ඔබගේ බැංකු මුරපද සහ පුද්ගලික හැඳුනුම් අංක (PIN) වෙනත් පාර්ශවයන් සමග හුවමාරු නොකරන්න

සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන විවිධ මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. මෙවැනි වංචාවන්හි වැඩිවීමක් මෑතකදී නිරීක්ෂණය විය.

මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි වංචනික ණය අනුමත කිරීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන් සාමාන්‍ය ජනතාවගේ බැංකු ගිණුම් අංක සහ ඔවුනගේ බැංකු පුද්ගලික හැඳුනුම් අංක (PIN) වැනි රහස්‍ය තොරතුරු තමන්ට ලබාගැනීම සඳහා මහජනයා පොළඹවයි. එමගින් වංචාකරුවන් පාරිභෝගික ගිණුම් වෙත පිවිස ඒවායේ ඇති මුදල් සොරකම් කිරීමට එවැනි තොරතුරු භාවිතා කරනු ලබයි.

ගිණුම්හිමියන්ගේ රහස්‍ය තොරතුරු වශයෙන් ගිණුමෙහි සහ ගිණුම් හිමියාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු ලෙස හැඳින්විය හැකිය.

ෆිච් (Fitch) ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් නිකුත් කරනු ලැබූ ප්‍රකාශයේ අන්තර්ගතයට මහ බැංකුව දැඩි විරෝධය පළ කරයි

2019 නොවැම්බර් මස 21 වන දින ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය “ශ්‍රී ලංකාවේ මැතිවරණ ප්‍රතිඵලය මගින් ප්‍රතිපත්ති අවිනිශ්චිතතා වැඩි කරයි” (Sri Lanka Election Result Increases Policy Uncertainty”) යන තේමාව යටතේ නිකුත් කරනු ලැබූ ප්‍රකාශයට ශ්‍රී ලංකා මහ බැංකුව දැඩිව විරෝධය පළ කරනු ලබයි. එමගින්, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ අතිගරු ජනාධිපතිතුමා විසින් රාජකාරි භාර ගැනීම හා දැනට සිදු කෙරෙමින් පවත්නා ප්‍රධාන පත්වීම් පිළිබඳව වෙළඳපොළෙන් පෙන්නුම් කරන ලද ධනාත්මක ප්‍රතිචාරයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් නිරූපණය කෙරෙයි. 

2019 සැප්තැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන වියදම අඩු වීම ඉක්මවා අපනයන ආදායම අඩු වීමත් සමඟ 2019 සැප්තැම්බර් මාසයේදී වෙළඳ හිඟය පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂව පුළුල් විය. එසේ නමුත්, සමුච්චිත වශයෙන් සැලකීමේදී, ඉහළ ගිය අපනයන ආදායම සහ සැලකිය යුතු ලෙස පහළ ගිය ආනයන වියදම හේතුවෙන් 2019 වසරේ පළමු මාස නවය තුළ වෙළඳ හිඟය පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු පහළ මට්ටමක පැවතුණි. මේ අතර, සංචාරක පැමිණීම්වල පහත වැටීමේ වේගය 2019 සැප්තැම්බර් මසදී තවදුරටත් අඩු විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමුච්චිත පදනම මත අඩු වුවද, 2019 සැප්තැම්බර් මාසයේදී පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව වැඩි විය. 2019 සැප්තැම්බර් මස මූල්‍ය ගිණුම තුළ කොළඹ කොටස් වෙළඳපොළ සහ රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළ වෙතින් විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීම් වාර්තා විය. 2019 සැප්තැම්බර් මස රුපියල අවප්‍රමාණය වීමේ පීඩනයකට ලක් වුවද 2019 ලංකා රුපියලවසරේ පළමු මාස නවය තුළ දී ශ්‍රී, ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අතිප්‍රමාණය විය.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ඔක්තෝබර්

2019 ඔක්තෝබර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව දර්ශක අගය 57.6 දක්වා ඉහළ ගිය අතර නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ ඉහළ යාම මේ කෙරෙහි ප්‍රධාන වශයෙන්ම හේතු විය.

නිෂ්පාදන සහ නව ඇණවුම් වල සිදුවූ මෙම ඉහළ යාම ඉදිරියේ දී එළඹෙන උත්සව සමයේ ඇතිවිය හැකි ඉල්ලුම සපුරාලීම සඳහා, විශේෂයෙන්ම, ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි ක්‍රියාකාරකම් ඉහළ යාම මගින් නිරීක්ෂණය කළ හැකි විය. මේ අතර, ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි සේවා නියුක්තිය ද ඉහළ යන ලදී. ඉදිරි කාලයේදී එළඹෙන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් ඉහළ නංවාලීම සඳහා සිදු කරන ලද බඳවාගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය ඉහළ යන ලදී.

තවද, නව ඇණවුම් සහ නිෂ්පාදන වැඩි වේගයකින් වර්ධනය වුව ද, ගැනුම් තොග අඩු වේගයකින් වර්ධනය වීම සඳහා, පසුගිය මාස වල එක්රැස් කරගත් අමුද්‍රව්‍ය තොග ප්‍රධාන වශයෙන් හේතු විය. තවද, ඇණවුමක් සැපැයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය අඩු වේගයකින් වර්ධනය විය.

ශ්‍රී ලංකා සෞභාග්‍යය දර්ශකය - 2018

2018 වසරේ ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය, 2017 වසරේ දී වාර්තා කළ 0.548 සිට 0.783 දක්වා ඉහළ යන ලදී. මෙම වැඩිදියුණු වීම සඳහා 'ආර්ථික සහ ව්‍යාපාර පරිසරය', ‘ජන ජීවිතයේ යහපැවැත්ම’ සහ 'සමාජ-ආර්ථික යටිතල පහසුකම්' යන උපදර්ශක තුනම දායක වී ඇත.

2018 වසර තුළ දී ආර්ථික සහ ව්‍යාපාර පරිසරය උපදර්ශකය වර්ධනය වීම සඳහා මිල ස්ථායිතාව සහ අවිධිමත් අංශයේ වැටුප් ඉහළ යෑම හේතු විය. ජන ජීවිතයේ යහපැවැත්ම උපදර්ශකයට අදාළව සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපන පහසුකම්වල ගුණාත්මකභාවය, මහජනතාවගේ වත්කම්, පරිසරයේ පිරිසිදුකම යන අංශවල ඉහළ වර්ධනයන් වර්තා විය. 2018 වසර තුළ දී සමාජ-ආර්ථික යටිතල පහසුකම් උපදර්ශකයේ වැඩිවීම කෙරෙහි විදුලිබල, ප්‍රවාහන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යන පහසුකම් පැවතීම සහ නලජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු වීම ප්‍රධාන වශයෙන් දායක විය.

Pages