මුදල් ණයට දීම සඳහා විද්‍යුත්, මුද්‍රිත හා ඩිජිටල් මාධ්‍ය ඇතුළු නොයෙක් මාධ්‍ය හරහා වෙළෙඳ දැන්වීම් සහ වෙනත් ආකාරයේ ප්‍රචාරණයන් සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිරීක්ෂණය කර ඇත. ඒ සම්බන්ධ ව සිදු වන යම් යම් අක්‍රමිකතා පිළිබඳ ව ද අප වෙත පැමිණිලි ලැබී ඇත. වංචා පිළිබඳ චෝදනා, ඉහළ පොළී අනුපාත අය කිරීම, ගනුදෙනුකරුවන්‍ට මුහුණ දීමට සිදු වන හිරිහැර සහ එවැනි මුදල් ණයට දෙන පුද්ගලයින් විසින් ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ඒ අතර වේ. සුරැකුමක් සහිත ව හෝ රහිත ව මුදල් පොළියට දීම සිදු කරන හෝ ප්‍රචාරය කරන හෝ නිවේදනය කරන යම් පුද්ගලයෙකු මුදල් ණයට දෙන්නෙකු ලෙස විස්තර කළ හැක.















