විද්‍යුත් ගෙවීම් ක්‍රම මගින් තම ජංගම හා ඉතුරුම් ගිණුම්වල ඇති අරමුදල් තත්කාලීන ලෙස හුවමාරු කිරීමට හැකි වීම මෙන් ම කාඩ්පත් ගෙවීම් කටයුතු සඳහා භාවිත කිරීමට හැකි වීම ගනුදෙනුකරුවන්ට පහසුවක් වී ඇත. මෙම ගෙවීම් කටයුතු සුමට ව සිදු කිරීම සඳහා සහ ගනුදෙනුකරුවන්ගේ අරමුදල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගෙවීම් ක්‍රම සහ ගෙවීම් යටිතල පහසුකම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ව ක්‍රියාත්මක වේ. මෙම පහසුකම් අඛණ්ඩ ව භුක්ති විඳීම සඳහා ගනුදෙනුකරුවන් විද්‍යුත් ගෙවීම් සිදු කිරීමේ දී සුදුසු ආරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතු වේ. ඒ අනුව, ගනුදෙනුකරුවන් තම ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුම්, ගෙවීම් කාඩ්පත් හෝ විද්‍යුත්-පසුම්බිවලට (e-Wallet) ප්‍රවේශ වීමට සහ භාවිත කිරීමට යොදා ගනු ලබන රහස්‍ය තොරතුරු අන් අයට ලබා දීමේ දී ප්‍රවේශම් විය යුතු ය.














