Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සිය රාජකාරි කටයුතු අරඹයි

1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද දින ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි. මේ අනුව මහාචාර්ය ලක්ෂ්මන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරනු ඇත. 

2019 නොවැම්බර් මාසයේ දී උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 5.6 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගිය අතර 2018 නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා දායක විය. ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ දී පැවති සියයට 7.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සැලකිය යුතු ලෙස පහළ ගිය අතර ආහාර නො වන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය 2019 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 4.3 හි සිට 2019 නොවැම්බර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් පහළ ගියේ ය.

ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් සිදු කරන ලද සංශෝධනය සඳහා වන ප්‍රතිචාරය

ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ ඉදිරි දැක්ම සංශෝධනය කරමින් 2019 දෙසැම්බර් මස 19 දින නිකුත් කළ ප්‍රකාශය සඳහා ප්‍රතිචාරයක් වශයෙන් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කළ ප්‍රකාශය පහත අන්තර්ජාල සබැඳිය මගින් ලබා ගත හැක.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 නොවැම්බර්

2019 නොවැම්බර් මාසයේ දී නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය වර්ධනයක් පෙන්නුම් කරමින් දර්ශක අගය 56.0ක් ලෙස වාර්තා වූ අතර, නව ඇණවුම්, නිෂ්පාදන සහ සේවා නියුක්තියෙහි සිදු වූ වර්ධනය මේ සඳහා ප්‍රධාන වශයෙන් ම හේතු විය.

2019 ඔක්තෝබර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන වියදම අඩු වීම සහ අපනයන ආදායමේ සුළු අඩු වීම සමඟ 2019 ඔක්තෝබර් මාසයේ දී වෙළෙඳ හිඟය පෙර වසරේ අනුරූප කාල පරිච්ඡේදයට  සාපේක්ෂ ව අඩු විය. සමුච්චිත ආනයන වියදමේ සැලකිය යුතු අඩු වීම සමඟ අපනයන ආදායමේ සමුච්චිත වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 2019 වසරේ පළමු මාස දහය තුළ දී වෙළෙඳ හිඟය අඩු විය. මේ අතර, සංචාරක පැමිණීම්වල පහත වැටීම 2019 ඔක්තෝබර් මාසයේ දී තවදුරටත් සීමා විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමුච්චිත වශයෙන් අඩු වීමක් වාර්තා කළ ද 2019 ඔක්තෝබර් මාසයේ දී පෙර වසරේ අනුරූප කාලයට සාපේක්ෂ ව වර්ධනය විය. 2019 ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය ගිණුම තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ විදේශීය ආයෝජන ශුද්ධ ගෙවීමක්  වාර්තා කළ අතර, රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත සුළු ශුද්ධ ලැබීමක් වාර්තා විය. ඔක්තෝබර් මාසය තුළ දී විනිමය අනුපාතිකය මිශ්‍ර හැසිරීමක් වාර්තා කළ අතර වසරේ මේ දක්වා කාලය තුළ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ව අතිප්‍රමාණය වී පැවතුණි. 

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂික ව පවත්වනු ලබන එහි ප්‍රධාන සමුළුවක් වන දොළොස් වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීය. මෙම සමුළුව විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන් සඳහා තම අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතර ම, මෑත කාලීන විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ ප්‍රායෝගික සහ සෛද්ධාන්තික පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.

Pages