ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2019 ජූනි

2019 ජුනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 මැයි මාසයට සාපේක්ෂව දර්ශකාංක 3.2කින් ඉහළ යමින් 2019 ජුනි මාසයේ දර්ශක අගය 53.9 ක් ලෙස වාර්තා කරන ලදී. පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු දක්නට ලැබුණු සේවා නියුක්තියේ අඩු වීම නැවත යථා තත්වයට පත් වෙමින්, විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයන්හි සේවා නියුක්තිය ඉහළ යාම, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු විය. ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයේ නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම්හි සිදුවූ ඉහළ යාම ද 2019 ජුනි මාසයේ දී නිෂ්පාදන ක්‍රියාකාරකම් වර්ධනය වීම සඳහා දායක විය. පාස්කු ඉරිදා දින සිදුවූ ප්‍රහාරයෙන් පසු බාධා පැමිණ තිබූ ආර්ථික ක්‍රියාකාරකම් නැවත යථා තත්වයට පත්වීම නව ඇණවුම් සහ නිෂ්පාදන ක්‍රියාකාරකම් වල සිදුවූ වර්ධනයට ඉවහල් වූ බව නිෂ්පාදන අංශයෙහි බොහෝමයකගේ ප්‍රතිචාරය විය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, July 15, 2019