2019 අප්‍රේල් මාසයේ දී උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013=100)  ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ආහාර සහ ආහාර නො වන යන කාණ්ඩ දෙකෙහි ම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් හේතුවෙන්, 2019 මාර්තු මාසයේ පැවති සියයට 2.9 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 3.6 දක්වා ඉහළ ගියේ ය. මේ අතර, 2019 අප්‍රේල් මාසයේ දී, ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට -1.2ක් වූ අතර ආහාර නො වන කාණ්ඩයේ උද්ධමනය අඛණ්ඩ ව සිව්වන මාසයටත් ඉහළ යමින් සියයට 7.5ක් ලෙස වාර්තා විය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස, 2019 මාර්තු මාසයේ පැවති සියයට 1.7 හි සිට 2019 අප්‍රේල් මාසයේ දී සියයට 1.9  දක්වා ඉහළ ගියේ ය.

සම්පූර්ණ ලිපිය

Published Date: 

Tuesday, May 21, 2019