Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2022 මාර්තු

මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

සෑම වසරකම මාර්තු මාසයේ නිෂ්පාදන ක්‍රියාකාරකම්වල දක්නට ලැබෙන වර්ධනයට අනුරූපව, එහෙත් සාපේක්ෂව අඩු වේගයකින් 2022 මාර්තු මාසයේ දී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය පෙර මාසය‍ට සාපේක්ෂව, දර්ශකාංක 57.8ක් දක්වා ඉහළ යන ලදී.

සේවා අංශයේ වර්ධනයක් පෙන්නුම් කරමින් සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2022 මාර්තු මාසයේ දී 51.3ක දර්ශක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර දර්ශක අගයක් වාර්තා කළ අතර, මේ සඳහා නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම් සහ සේවා නියුක්තිය යන උප දර්ශකවල ඉහළ යෑම් හේතු විය.

‘ශ්‍රී ලංකාවේ ගෙවීම් සේවා සඳහා මාර්ගෝපදේශය’ - ශ්‍රී ලංකාවේ ගෙවීම් උපකරණ සහ යටිතල පහසුකම් පිළිබඳ අත්පොතක්

නව ගෙවීම් උපකරණ, ක්‍රම සහ ක්‍රියාවලි හඳුන්වාදීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ගෙවීම් කර්මාන්තය මේ වන විට සීඝ්‍ර වෙනසකට භාජනය වෙමින් පවතී. සාම්ප්‍රදායික ගෙවීම් ක්‍රම ඇතුළුව, මෙම නව ගෙවීම් ක්‍රියාවලි විසින් පාරිභෝගික අත්දැකීම නව්‍යකරණය කර ඇති අතර ව්‍යාපාරවලට සහ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මූල්‍ය ගනුදෙනු ආරක්ෂිතව සහ කාර්යක්ෂමව සිදු කිරීමටද හැකියාව ලබා දී ඇත.

යෝජනා සඳහා වන ඉල්ලීම් - මුල්‍ය උපදේශක සහ නීති උපදේශක (අවසාන දිනය දීර්ඝ කිරීම)

ශ්‍රී ලංකා රජය මුදල් අමාත්‍යාංශය හරහා සිය බාහිර ණය තිරසාරභාවය කළමනාකරණය කිරමේ අරමුණින් මූල්‍ය උපදේශකයින් සහ නීති උපදේශකයින් පත් කිරීම සඳහා ඒ ප්ළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන්/ නියෝජිත ආයතනවලින් යෝජනා සඳහා වන ඉල්ලීම් (RfPs) ප්‍රකාශයට පත් කර ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙත පණිවුඩයක්

කොවිඩ්-19 වසංගතයේ දිගු කාලීන බලපෑම, ගෝලීය දේශපාලනික අසමතුලිතතා සහ රටේ සාර්ව ආර්ථික අසමතුලිතතා හේතුවෙන්, මේ වන විට ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික සහ මූල්‍ය ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින අතර එමගින් රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත් ව ඇත. මෙරටෙහි ණය වගකීම් සක්‍රීය ව කළමනාකරණය කිරීමට පියවර ගැනීම, අනෙකුත් රටවලින් කඩිනම් මූල්‍ය සහාය සෙවීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ වැඩසටහනක් සඳහා පවතින සාකච්ඡාවල ප්‍රගතියක් දක්නට ලැබීම ඇතුළු ව රටේ පවතින වත්මන් තත්ත්වය සඳහා පිළියම් යෙදීමට බලධාරීන් පියවර ගනිමින් සිටිය ද, ජනතාවට එවැනි ක්‍රියාමාර්ගවලින් වන ධනාත්මක බලපෑම් භුක්ති විඳිය හැකි වනුයේ මැදි කාලීන හා දිගු කාලීනව ය. එබැවින්, ආහාර, ඉන්ධන සහ ඖෂධ ඇතුළු එදිනෙදා අත්‍යවශ්‍ය ආනයන අවශ්‍යතා සපුරා ගනු පිණිස රටේ විදේශ සංචිත තත්ත්වය ඉහළ නංවා ගැනීම සඳහා කඩිනම් පියවර ගත යුතු ය. 

මහ බැංකු අධිපති තුමාගේ පණිවුඩය

මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම ගැන ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මම ඉමහත් සතුටට පත්වෙමි. ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇත. ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් මා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස මටත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි.

2022 අප්‍රේල් 11 සහ 12 යන දිනවල බැංකුවල ක්‍රියාකාරිත්වය

බැංකු සේවා සඳහා සියළුම බලපත්‍රලාභී බැංකු 2022 අප්‍රේල් 11 සහ 12 යන දෙදින තුල දී සාමාන්‍ය පරිදි විවෘතව පවතින බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ. 

Pages