කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ වාර්තා වූ සියයට 35.3හි සිට 2023 මැයි මාසයේ දී සියයට 25.2 දක්වා පහළ යෑමක් වාර්තා කළේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්රවණතාවට බොහෝ දුරට අනුකූල වේ.
ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ පැවති සියයට 30.6හි සිට 2023 මැයි මාසයේ දී සියයට 21.5 දක්වා පහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 අප්‍රේල් මාසයේ පැවති සියයට 37.6හි සිට 2023 මැයි මාසයේ දී සියයට 27.0 දක්වා පහළ ගියේය. 2023 මැයි මාසයේ දී කො.පා.මි. දර්ශකයේ මාසික වෙනස, සියයට -0.02ක් ලෙස වාර්තා විය. මෙම සුළු මාසික වෙනස සඳහා ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි වාර්තා වූ සියයට -0.56ක මිල පහළ යෑම, ආහාර කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි දක්නට ලැබුණු සියයට 0.53ක මිල වැඩිවීම මගින් තුලනය වීම හේතු විය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 අප්‍රේල් මාසයේ පැවති සියයට 27.8හි සිට 2023 මැයි මාසයේ දී සියයට 20.3 දක්වා පහළ ගියේය.















