සෑම වසරකම අප්‍රේල් මාසයේ පවතින සාමාන්‍ය පහත වැටීම මෙන්ම වෙනත් බාධාවන් හේතුවෙන් ඇතිවූ පසුබෑමද පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරැවන්ගේ දර්ශකය 2022 අප්‍රේල් මාසයේ දී පෙර මාසයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස පහත වැටුණි. ඒ අනුව නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2022 අප්‍රේල් මාසයේ දී 36.4ක අගයක් වාර්තා කරමින් පෙර මාසයට සාපේක්ෂව දර්ශකාංක 21.4කින් පහළ යන ලදී. මේ සඳහා, සෑම වසරකම මෙන් මෙම වසරේදී මාර්තු මාසයේ දී ඉහළ දර්ශකාංක වාර්තා කරන නිෂ්පාදන, නව ඇණවුම්, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්තිය යන උප දර්ශක අප්‍රේල් මාසයේ සැලකිය යුතු ලෙස පහළ යාම හේතු විය.