නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය. 2017 අගෝස්තු මාසයේ දී 54.4ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර එය 2017 ජූලි මාසයට සාපේක්ෂ ව දර්ශක අගයන් 0.1ක සුළු වර්ධනයකි. මෙම ඉහළ යෑම කෙරෙහි ඉදිරියේ දී සැපයීමට නියමිත නව ඇණවුම් සඳහා අවශ්‍ය තොග මිල දී ගැනීම් මෙන් ම නිෂ්පාදන කටයුතු අඩු වේගයකින් වර්ධනය වීම නිසා තොග එක් රැස් වීම හේතුවෙන් ගැනුම් තොග දර්ශකය ඉහළ යෑම ද ප්‍රධාන වශයෙන් දායක විය. ආයතනවලට විශේෂිත වූ ගැටළු හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය යන උප දර්ශකය ඉහළ යන ලදි. සේවය හැර යන ශ්‍රමිකයින්ගේ පුරප්පාඩු පිරවීම සඳහා නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේ අපහසුතාව හේතුවෙන් විශේෂයෙන් ම ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිත ව සේවා නියුක්ති උප දර්ශකය පහළ යන ලදි. කෙ සේ වුව ද, සේවා නියුක්ති උප දර්ශකය හැර සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදි. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා ධනාත්මක අගයක් වාර්තා කරයි.















පහසුවෙන් ගෙන යා හැකි අයුරින් සකස් කොට ඇති මෙම ප්‍රකාශනයේ ශ්‍රී ලංකාවේ මූලික තොරතුරු, මූලික ආර්ථික දර්ශක, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ තත්ත්වය, සමාජ ආර්ථික තත්ත්වයන්, මානව සම්පත් තොරතුරු, ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ආර්ථික හා සමාජ යටිතල පහසුකම්, මිල සහ වැටුප්, විදේශ වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය, විදේශ මූල්‍ය, රාජ්‍ය මූල්‍ය කටයුතු, මූල්‍ය හා බැංකු අංශවල නවතම දත්ත ඇතුළත් වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ප්‍රකාශනයක් වන 'ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංඛ්‍යාන - 2017' පොදු මහජන පරිශීලනය සඳහා දැන් නිකුත් කර ඇත. මෙම ප්‍රකාශනයෙහි ජාතික ගිණුම්, කෘෂිකර්මය, කර්මාන්ත, ජාත්‍යන්තර වෙළෙඳාම සහ මූල්‍ය කටයුතු, රාජ්‍ය මූල්‍ය, බැංකු සහ මූල්‍ය ආයතන, මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ, මිල හා වැටුප්, ජනගහනය සහ ශ්‍රම බලකාය, ප්‍රවාහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය, විදුලි සංදේශ සේවා සහ දේශගුණය යනාදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබිඹු වන දර්ශක මෙන් ම අනෙකුත් රටවල්වල තෝරා ගත් ආර්ථික සහ සමාජ දර්ශක ද ඇතුළත් වේ. ඊට අමතර ව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් වියදම් පිළිබඳ සමීක්ෂණයෙන් ලබා ගත් ශ්‍රී ලංකාවේ ජීවන තත්ත්වය, දරිද්‍රතාව සහ කුටුම්භ ලක්ෂණවලට අදාළ දත්ත ද මෙහි අඩංගු ය. 