නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2017 සැප්තැම්බර් මාසයේ දී 59.0ක දර්ශක අගයක් වාර්තා කරන ලද අතර, එය 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව දර්ශක අගයයන් 4.6ක වර්ධනයකි. ඒ අනුව, 2017 අගෝස්තු මාසයට සාපේක්ෂ ව සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන කටයුතු ඉහළ වේගයකින් වර්ධනය වීමක් පිළිඹිබු වේ. මෙම ඉහළ යෑම සඳහා පසුගිය මාසයේ පහත වැටුණු සේවා නියුක්තිකයන්ගේ උප දර්ශකය, නව ශ්‍රමිකයන් බඳවා ගත් බැවින් යථා තත්ත්වයට පත්වීම විශේෂයෙන් ම හේතු විය. තව ද, 2017 සැප්තැම්බර් මාසයේ දී නිෂ්පාදන සහ නව ඇණවුම් යන උප දර්ශක ඉහළ වේගයකින් වර්ධනය විය. පසුගිය මාසයේ දී දක්නට ලැබුණු තොග අතිරික්තය හේතුවෙන් මෙම මාසයේ දී ගැනුම් තොග උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය. ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය යන උප දර්ශකය පසුගිය මාසයට සාපේක්ෂ ව අඩු වේගයකින් වර්ධනය විය. සියලු ම උප දර්ශක කඩඉම් මට්ටම ලෙස ගැනෙන දර්ශක අගය වන 50.0ට වඩා වැඩි අගයක් වාර්තා කරන ලදී. තව ද, ඉදිරි මාස තුන සඳහා ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳ අපේක්ෂා යහපත් අගයක් වාර්තා කරයි.















