පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ ව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2017 දෙසැම්බර් මස 27 වැනි දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නො වෙනස් ව පවත්වා ගැනීමට තීරණය විය. කෙ සේ වෙතත්,
ශ්‍රී ලංකා මහ බැංකුව ආර්ථිකයේ ප්රවණතා අඛණ්ඩ ව සමීප ව අධීක්ෂණය කර අවශ්‍ය පරිදි සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගනු ඇත.
මුදල් මණ්ඩලයේ මෙම තීරණය සඳහා තුඩු දුන් ප්‍රධාන ආංශික වර්ධන ප්රවණතා පහත සඳහන් වේ.















2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාර ව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2017 දෙසැම්බර් 13 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා පොලීසිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි මූලික පරමාර්ථය වේ.