Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන් සඳහා මුදල් ගෙවීම

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පී එල් සී යන ආයතන සම්බන්ධ ව 2018.01.02 දින නිකුත් කරන ලද පුවත්පත් නිවේදනයට වැඩිමනත්වයි.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය (ඊ ටී අයි ආයතනය) මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතාව සහ ඉන් මූල්‍ය පද්ධතියට ඇති විය හැකි බලපෑම පිළිබඳ ව සලකා බැලීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊ ටී අයි ආයතනය සතු එහි පරිපාලිත හා උප පරිපාලිත සමාගම්වල අයිතිය සහ ආයෝජන දේපල, එක්සත් ජනපද ඩොලර් දශ ලක්ෂ 75ක පමණ මුදලකට විකිණීම සඳහා ඊ ටී අයි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය දීමටත් ඒ සඳහා පහසුකම් සැලසීමටත් තීරණය කරන ලදි. තව ද, එ කී ගනුදෙනුව ශ්‍රී ලංකාවේ පවතින නීති රීති සහ රෙගුලාසිවලට අනුකූල ව විය යුතු බවට ද දැනුම් දෙනු ලැබී ය.

රුපියලේ සිදු වන අනිසි අවප්‍රමාණය වීම වැළැක්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි

වර්තමානයේ ආර්ථිකයේ පවතින මූලධර්මයන්ට අනුව, ශ්‍රී ලංකා රුපියල මත ඇති වී  තිබෙන ආකාරයේ අවප්‍රමාණය වීමේ පීඩනයක් ඇති විය නො හැකි ය. වර්තමානයේ දී දළ විදේශීය සංචිත එක්සත් ජනපද ඩොලර් බිලියන 9.1ක හිතකර මට්ටමක පවතින අතර මූර්ත සඵල විනිමය අනුපාතික දර්ශක මගින් රුපියලේ තරගකාරිත්වය පිළිබිඹු කෙරේ.

ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය - 2018 අප්‍රේල්

නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 අප්‍රේල් මාසයේ දී 45.5ක දර්ශක අගයක් වාර්තා කරමින් මාර්තු මාසයට සාපේක්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ ව දර්ශක අගයන් 20.1කින් පහත වැටුණි. පෙර වසරවල දී ද පැවැති ප්‍රවණතාවට අනුකූල ව, මාර්තු මාසයේ දී ඉහළ වර්ධනයක් පෙන්නුම් කළ නිෂ්පාදන ක්‍රියාකාරකම් අප්‍රේල් මාසයේ දී අලුත් අවුරුදු නිවාඩු හේතුවෙන් පසුගාමී විය. මෙ ලෙස නි‍‍ෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ පහළ යෑම කෙරෙහි ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සහ නව ඇණවුම් උප දර්ශක පහත වැටීම හේතු විය. ගැනුම් තොග සහ සේවා නියුක්ති උප දර්ශක ද අප්‍රේල් මාසයේ දී පහත වැටුණි. තව ද, සැපයුම්කරුවන්ගේ අඩු කාර්ය බහුලත්වය පිළිබිඹු කරමින් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගත වන කාලය උප දර්ශකයේ ඉහළ යෑම අඩු විය. අවුරුදු නිවාඩුවෙන් පසු සේවකයන්, අනුමැතියකින් තොර ව සේවයට වාර්තා නො කිරීම නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් බව මෙම සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වන්නන්ගේ අදහස විය. තව ද, විශේෂයෙන් රෙදිපිළි හා ඇඟළුම් අංශයේ ප්‍රතිචාර දක්වන්නන් පුහුණු සහ නුපුහුණු සේවකයන් සොයා ගැනීමේ ඇති අපහසුතාව ඉස්මතු කරන ලදී.

2018 පෙබරවාරි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟයෙේ සැලකිය යුතු පුළුල් වීම මධ්‍යයේ වුව ද සංචාරක පැමිණීම්හි සිදු වූ කැපී පෙනෙන වර්ධනය සහ කොටස් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ ශුද්ධ විදේශීය ලැබීම් තුළින් විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය විදහා දැක්වුණි. රත්‍රං ආනයනයේ සිදු වූ ශීඝ්‍ර වැඩි වීම ආසන්න වශයෙන් වසර තුන හමාරක කාලය තුළ දී සමස්ත වෙළෙඳ භාණ්ඩ ආනයනයෙේ සිදු වූ වේගවත් ම වර්ධනය සඳහා මූලික ව ම හේතු වූ අතර එය 2018 පෙබරවාරි මාසයේ දී වෙළෙඳ හිඟය තවදුරටත් පුළුල් වීම සඳහා හේතු විය. 2018 ජනවාරි මාසයේ දී දක්නට ලැබුණු වර්ධන ප්‍රවණතාව අඛණ්ඩ ව පවත්වා ගනිමින් 2018 පෙබරවාරි මාසයේ දී සංචාරක ඉපැයීම් සැලකිය යුතු ලෙස වැඩි විය. කෙ සේ වුවත්, ජනවාරි මාසයේ දී විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල දක්නට ලැබුණු වර්ධනයෙන් අනතුරු ව 2018 පෙබරවාරි මාසයේ දී එහි අඩු වීමක් පෙන්නුම් කළේ ය. 2018 පෙබරවාරි මාසයේ දී ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම තුළ කොටස් වෙ‍ළෙඳපොළ වෙත වූ විදේශීය ආයෝජන ශුද්ධ ලැබීමක් වාර්තා කළ අතර, එය රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොළෙේ වූ ශුද්ධ ගෙවීම මගින් වන බලපෑම අවම කිරීම සඳහා දායක විය.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති ‍පොලී අනුපාතික නො වෙනස් ව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2018 මැයි මස 10 වැනි දින පැවති රැස්වීමේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කළේය. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)”, පිළිවෙළින්, සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතී. මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා පහසුකම් සැලසීමට අරමුණු කෙරේ. 

ශ්‍රී ලංකා ආර්ථික ක්‍රියාකාරිත්වය සහ ඉදිරි ගමන පිළිබඳ විශ්වාසය විදේශ ආයෝජකයෝ තහවුරු කරති

මෑත කාලයේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වී තිබේ. 

මෙ වැනි වාතාවරණයක් තුළ, ශ්‍රී ලංකා ආර්ථිකය කෙරෙහි පවතින සහයෝගයේ ස්වභාවය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් මැන බැලීම යෝග්‍ය වේ. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ මත පදනම් වන මිනුම් දඬු තාර්කික හා යථාර්ථවත් වන අතර මෙ වැනි මිනුම් දඬු ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ව ස්වාධීන දර්ශක ලෙස සැලකිය හැකි යි.

Pages

නිවේදන