Subscribe to Central Bank of Sri Lanka RSS

පුවත්

ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණය

වෘත්තිය ගැනුම්කරුවන්, ව්‍යාපාර පිළිබඳ ව තීරණ ගන්නන් හා ආර්ථික විශ්ලේෂකයින්ට කර්මාන්ත තත්ත්වයන් පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන කාලීන දත්ත ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව 2015 මැයි මස සිට නිෂ්පාදන සහ සේවා කටයුතුවලට අදාළ ව ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක සමීක්ෂණයක් ආරම්භ කළේ ය. මෙම සමීක්ෂණය මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව මගින් මාසික ව පවත්වන ලද අතර එය 2016 අප්‍රේල් මාසය වන විට වසරක කාල රාමුවක් සම්පූර්ණ කළේ ය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම දත්ත මහජනතාවගේ දැනුම්වත් වීම සඳහා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේ ය.

පසුගිය ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක අගයන් ද ඇතුළත් ව ඇති 2016 මැයි මස සමීක්ෂණයේ වාර්තාව පහත දක්වා ඇත. ශ්‍රී ලංකා මහ බැංකු වෙඩ් අඩවිියේ සංඛ්‍යාන අංශය යටතේ මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල සඳහා ප්‍රවේශ විය හැකි අතර මෙම තොරතුරු මාසික පදනමින් යාවත්කාලීන වනු ඇත. 

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමාගෙන් ප්‍රකාශයක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) 2015 හා 2016 වර්ෂවලට අදාළ බැඳුම්කර නිකුතු පිළිබඳ සිය නිරීක්ෂන වාර්තා ඉදිරිපත් කරන තෙක් 2016 ජූනි මස 30 වැනි දායින් අවසන් වන ධූර කාලයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නැවත පත්වීමක් අපේක්ෂා නො කරන බව 2016 ජූනි මස 24 වන සිකුරාදා පැවැති මුදල් මණ්ඩල රැස්වීමේ දී මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් මණ්ඩලය වෙත දැනුම් දෙන ලදි.

2016 මැයි මාසයේ දී උද්ධමනය

ජනලේඛන සහ සංඛ්‍ය‍ාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්‍යමය පදනම මත 2016 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ සියයට 4.3 හි සිට 2016 මැයි මාසයේ දී සියයට 5.3 දක්වා ඉහළ ගියේ ය. ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම කෙරෙහි නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන උප කාණ්ඩය හැරුණු විට අනෙකුත් ආහාර නො වන කාණ්ඩ මෙන් ම ආහාර කාණ්ඩය ද දායක විය. 

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2016 අප්‍රේල් මස වාර්තා වූ සියයට 2.6 හි සිට 2016මැයි මස දී සියයට 2.7 දක්වා ඉහළ ගියේ ය. 

2016 ජූනි මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

වෙළෙඳ හිඟය අඩු වීම සහ සංචාරක ඉපැයීම් හා විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලෙස වූ විදේශ විනිමය ලැබීම්වල වර්ධනයක් වාර්තා වීම හේතුවෙන් 2016 පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මධ්‍යස්ථ ක්‍රියාකාරිත්වයක් පෙන්වී ය. අපනයන ආදායමේ සිදු වූ අඩු වීම හමුවේ වුව ද ඉන්ධන ආනයන, ආහාර හා පාන සහ ප්‍රවාහන උපකරණ ආනයන වියදමේ සිදු වූ විශාල අඩු වීම හේතුවෙන් වෙළෙඳ හිඟය අඩු විය. කෙ‍ සේ නමුත්, මෙම කාල පරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ ශුද්ධ ගෙවීමක් වාර්තා කළේ ය. 

සම්පූර්ණ ලිපිය

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ වියදම් සම්බන්ධයෙන් මාධ්‍යයන්හි පළ වන සාවද්‍ය තොරතුරු පිළිබඳ පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් සිය පුද්ගලික කටයුතු සඳහා මහජන මුදල් වැය කර ඇති බවට විපක්ෂයේ දේශපාලනඥයෙක් චෝදනා නගා තිබුණු අතර ඒ පිළිබඳ ජනමාධ්‍ය ඔස්සේ ද ප්‍රසිද්ධියක් ලබා දී තිබුණි.

මහ බැංකු අධිපතිවරයා හෝ මහ බැංකු කාර්ය මණ්ඩලය විසින් හෝ පුද්ගලික වියදම් සඳහා එකදු සතයක් ලබා ගෙන නොමැත. කිසිදු අයථා හෝ නීති විරෝධී ආකාරයකින් මහජන මුදල් වියදම් කිරීමක් ද සිදු කර නොමැත.

මහ බැංකු අධිපතිවරයා සහ කාර්ය මණ්ඩලය සහභාගී වන ජාත්‍යන්තර හා දේශීය නිල රාජකාරී කටයුතුවල දී අදාළ වියදම් මහ බැංකුව විසින් දරනු ලැබේ. මෙය අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් ද පවත්නා පොදු තත්ත්වයකි. 

IMF Approves USD 1.5 Billion Extended Fund Facility for Sri Lanka

On 03 June 2016, the Executive Board of the International Monetary Fund (IMF) approved a three year Extended Fund Facility (EFF) of SDR 1.1 billion (approximately USD 1.5 billion) for Sri Lanka to support the balance of payments (BOP) position and in support of the government’s economic reform agenda. This amount is equivalent to 185 per cent of the country’s current quota with the IMF. The first tranche under the EFF amounting to SDR 119.9 million (approximately USD 168.1 million) will be made available to Sri Lanka immediately. The remaining amount will be disbursed in six tranches over a period of three years, with the final tranche is expected to be disbursed in April 2019. The interest rate applicable on the EFF, the basic rate of charge is equivalent to the SDR interest rate, which currently stands at 0.05 per cent per annum, plus 100 basis points. Hence, the interest rate of the EFF facility is significantly lower than the prevailing market rates. The IMF is expected to conduct regular reviews of the country’s economic performance commencing November 2016.

Pages