2018 නොවැම්බර් මාසයේ දී විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය

ආනයන වියදම කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කිරීම සමඟ 2018 නොවැම්බර් මාසයේ දී වෙළඳ ගිණුමේ හිඟය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ ව සැලකිය යුතු ලෙස අඩු විය.

2018 නොවැම්බර් මාසයේ දී අපනයන පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂ ව සියයට 4.1 කින් ඉහළ ගිය අතර, ආනයන සියයට 9.1 කින් පහළ ගියේ ය.

සංචාරකයින් වැඩි ප්‍රමාණයක් පැමිණෙන කාලය ආරම්භ වීමත් සමඟ 2018 නොවැම්බර් මාසයේ දී සියයට 18.2 ක වර්ධනයක් වාර්තා කරමින් සංචාරක ඉපැයීම් නැවත ශක්තිමත් ලෙස ඉහළ ගියේ ය. 2019 වසර පුරා සංචාරක අංශය සිය ශක්තිමත් කාර්යසාධනය අඛණ්ඩ ව පවත්වා ගනු ඇතැ යි අපේක්ෂිත ය.

සම්පුර්ණ ලිපිය

Published Date: 

Monday, January 28, 2019